• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙරට ඩිජිටල් තාක්ෂණ උපාය මාර්ග රැසක් සාර්ථකව නිම වෙයි – ICTA 

28 December 2023
in දේශීය, පුවත්
මෙරට ඩිජිටල් තාක්ෂණ උපාය මාර්ග රැසක් සාර්ථකව නිම වෙයි – ICTA 
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව සෑම අංශයකින් ම ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වීම සඳහා Lighting Digital ජාතික මුලපිරුම යටතේ ආරම්භ කරන ලද උපාය මාර්ග රැසක් සාර්ථක ලෙස නිමාවට පත් කිරීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සමත් වී තිබේ.

මේ සඳහා විවිධාකාරයෙන් සහයෝගය දැක්වූ පාර්ශ්වකරුවන් ඇගයීම බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති 2023 Lighting Digital ජාතික සමුළුවට සමගාමීව සිදු විය.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් මෙයට වසර දෙකකට පෙරාතුව මෙම Lighting Digital ජාතික මුලපිරුම දියත් කරන ලදී.

අධ්‍යාපනය, රාජ්‍යය, පුරවැසි ධාරිතා සංවර්ධනය සහ කලාපීය සංවර්ධනය යන අංශ ඔස්සේ ඩිජිටල් ආර්ථිකයේ ප්‍රතිලාභ රටේ සියලු ස්ථර වෙත ගෙන යාම Lighting Digital ජාතික මුලපිරුමේ අරමුණ විය.

ගත වූ දෙවසරක කාලය තුළ Lighting Digital මුලපිරුම හරහා ලබා ගත් අත්දැකීම්, මුහුණ පෑ අභියෝග මෙන් ම ලබා ගත් ජයග්‍රහණ ගැන පාර්ශ්වකරුවන් අතර දැනුම හුවමාරු කර ගැනීමේ අගනා වේදිකාවක් බවට Lighting Digital ජාතික සමුළුව පත් විය.

ජාත්‍යන්තර වශයෙන් පැසසුමට ලක් වූ මෙම සමෝධානික ඩිජිටල් ආර්ථීක ධාරිතා සංවර්ධනය සඳහා වන කලාපීය සංවර්ධන වැඩසටහන් සමඟ රාජ්‍ය ආයතන, තොරතුරු තාක්ෂණ කර්මාන්ත, අන්තර්ජාතික සංවර්ධන ආයතන, අධ්‍යාපන ආයතන සහ ප්‍රජා සංවර්ධන ආයතන ආදී විවිධ පාර්ශවකරුවන් 70කට අධික සංඛ්‍යාවක් එක් විය.

රටේ ඩිජිටල් ආර්ථික ක්‍රියාවලිය බලගැන්වීම සඳහා සියලු ප්‍රජාව සවිබල ගැන්වීමත්, සමස්ත රට ම ආවරණය වන ලෙස ඩිජිටල් සංවර්තන වැඩසටහන් ගෙන යාමට අවශ්‍ය ධාරිතා සංවර්ධනයත් මේ හරහා සිදු විය.

මෙම ජාතික මුලපිරුම යටතේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඩිජිටල් තාක්ෂණය ආශ්‍රිතව නව ප්‍රතිසංස්කරණවලට අදාළ වන ප්‍රතිපත්ති රාමුව සැකසීමත්, තරුණ ප්‍රජාව සහ පාසල් දූ දරුවන් තොරතුරු තාක්ෂණය වෙත ප්‍රවේශ කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමත් සිදු විය.

දිස්ත්‍රික් ඩිජිටල් සූදානම් දර්ශකය (District Digital Readiness Index), ශ්‍රී ලංකාවේ ඩිජිටල් සාක්ෂරතාවය සඳහා නිර්වචනයක් හා නව නිර්ණායකයන්, දිස්ත්‍රික්ක හතරක් සඳහා සකස් කරන ලද ඩිජිටල් සංවර්තන ක්‍රියාකාරී සැලැසුම් සහ සමෝධානික ධාරිතා ප්‍රවර්ධන ප්‍රවේශය ම‍ෙලෙස නිමාවට පත් කරන ලද උපාය මාර්ග අතර වේ.

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් ඩිජිටල් විෂමතාවයන් අවම කරමින් ඉදිරි ඩිජිටල් සංවර්තන ගමන් මඟ සඳහා ඉතා නිවැරැදි තීන්දු තීරණවලට එළැඹීම පහසු කිරීම මෙම දිස්ත්‍රික් ඩිජිටල් සූදානම් දර්ශකයේ අරමුණ වේ.

මෙහි දී එළිදක්වන ලද ශ්‍රී ලංකාවේ ඩිජිටල් සාක්ෂරතාවය නැවත නිර්වචනය කරන ලද නිර්ණායකයන් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රමිතීන්ට අනුකූල ලෙස සකස් කර තිබේ.

ගම්පහ, කළුතර, කෑගල්ල සහ ගාල්ල යන දිස්ත්‍රික්ක සඳහා සකස් කෙරුණු දිස්ත්‍රික් ඩිජිටල් සංවර්තන කමිටු ක්‍රියාකාරී සැලැසුම් ඒ ඒ දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් නිල වශයෙන් දියත් කිරීම ද මෙහි දී සිදු වූ අතර දිස්ත්‍රික් ඩිජිටල් සූදානම් දර්ශකයේ දත්ත සහ නිර්ණායකයන් ද පදනම් කර ගනිමින් මෙම ක්‍රියාකාරී සැලැසුම් සකස් කර තිබේ.

රාජ්‍ය අංශය සවිබල ගැන්වීම සඳහා සමෝධානික ධාරිතා ප්‍රවර්ධන ප්‍රවේශය මේ වන විටත් ප්‍රධාන රාජ්‍ය ආයතන 23ක සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් පවතී.

තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මේ පිළිබඳව සඳහන් කරන්නේ ඩිජිටල් ආර්ථික සංවර්ධන උපාය මාර්ගය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අමෙරිකානු ඩොලර් බිලියන 15ක් ගෙන එ්මට අපේක්ෂිත බවත්, මේ සඳහා සිදු කරන දැවැන්ත කඩිනම් වැඩසටහන තුළ ධාරිතා සංවර්ධනය සහ දිවයින පුරා සියලු ප්‍රජාව හා අනෙකුත් අංශ වෙත ඩිජිටල් සංවර්තනය ගෙන යන කලාපීය සංවර්ධනය අතිශය වැදගත් වන බවත් ය. ඒ වෙනුවෙන් දැනටමත් Lighting Digital මුලපිරුම සමඟ සවිමත් අඩිතාලමක් තබා තිබීම වැදගත් බවත්, මෙම මූලෝපායන් සැලසුම්වලට සීමා නොවී සියලු පාර්ශ්ව සමග එක්ව ක්‍රියාත්මක කිරීමට හැකි වීම අගය කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම ජාතික සමුළුවේ මුඛ්‍ය දේශනය පැවැත්වූ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකා සහ මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශාකා නානායක්කාර මහත්මිය සඳහන් කළේ එදිනෙදා ජීවිතයේ දී ඩිජිටල් තාක්ෂණය ඵලදායීව භාවිත කළ හැකි පුරවැසියන් පිරිසක් බිහි කිරීමටත්, රටට සේවා සපයන පුද්ගලයන් හට ඩිජිටල් තාක්ෂණය භාවිත කිරීමේ වටිනාකම අවබෝධ කර දීමටත් ධාරිතා ගොඩනැගීම අත්‍යවශ්‍ය වන බවයි.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලයේ සභාපති ඉන්දික ද සොයිසා මහතා මෙහි දී සඳහන් කළේ ශීඝ්‍ර ඩිජිටල් ආර්ථික සංවර්ධනයකට රට ගමන් කරන මොහොතක ඊට අවශ්‍ය මානව සම්පත සුදානම් කිරීමට සහ කලාපීය සංවර්තනය වෙනුවෙන් සැලකිය යුතු වැඩ කොටසක් ඉටු කිරිමට මෙම Lighting Digital ජාතික මුලපිරුමට හැකි වූ බවත්, තොරතුරු තාක්ෂණ කර්මාන්ත ක්ෂේත්‍රය ද සක්‍රීය ලෙස ඊට දායක කර ගැනීම අගය කරන බවත් ය.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ නියෝජ්‍ය ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරී සමීර ජයවර්ධන මහතා මෙහි දී සඳහන් කළේ මෙම ජාතික මුලපිරුම සමඟ රජයේ DIGIECON 2030 ඩිජිටල් ආර්ථික සැලැස්ම කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සැකසී තිබෙන බවත්, ඉතා අඩු පිරිවැයකින් විශාල ප්‍රතිලාභයක් අත් කර ගැනීමට හැකි වූ බවත් ඊට සම්බන්ධ වූ සියලු ආයතන සහ ස්වේච්ඡා සම්පත් දායකයින්ට ප්‍රණාමය පුද කරන බවත් ය.

බ්‍රිතාන්‍ය පරිගණක සංගමය (BCS), ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සමාගම් සංගමය (SLASSCOM), ශ්‍රී ලංකා පරිගණක සංගමය (CSSL), ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලය (FITIS) ආදී කර්මාන්ත සංගම් මෙම ජාතික මුලපිරුම සඳහා සක්‍රීය ලෙස දායක විය.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වරුණ ශ්‍රී ධනපාල, තාක්ෂණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඒ. කේ. ආර්. අලවත්ත, CSSLහි සභාපති ආචාර්ය අජන්ත අතුකෝරළ, බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ සභාපති ඇලන්සෝ ඩෝල්, SLASSCOM ආයතනයේ උප සභාපති නිශාන් මෙන්ඩිස්, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ආචාර්ය ප්‍රසාද් සමරසිංහ, ICT කර්මාන්ත නිපුණතා කවුන්සිලයේ සභාපති සම්පත් ත්‍රිමාවිතන, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ශ්‍යාමලී කරුණාරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු වෘත්තීයවේදීන්, කර්මාන්තකරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

https://lightingdigital.gov.lk වෙත පිවිසීමෙන් මේ පිළිබඳව වැඩි විස්තර දැන ගත හැක.

Post Views: 17
Previous Post

ඉන්දිය නළු විජයකාන්ත් අභාවප්‍රාප්ත වෙයි

Next Post

අනිවාර්යෙන්ම ජනපති රනිල් ජනාධිපතිධුරය සඳහා ඉදිරිපත් විය යුතුයි – මන්ත්‍රී වජිර

editor ttvnews

editor ttvnews

Next Post

අනිවාර්යෙන්ම ජනපති රනිල් ජනාධිපතිධුරය සඳහා ඉදිරිපත් විය යුතුයි - මන්ත්‍රී වජිර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved