• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අනිවාර්යෙන්ම ජනපති රනිල් ජනාධිපතිධුරය සඳහා ඉදිරිපත් විය යුතුයි – මන්ත්‍රී වජිර

28 December 2023
in දේශීය, පුවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව ශක්තිමත්ව ලෝකය හමුවේ ඔසවා තැබිමටනම් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධූරය සඳහා ඉදිරිපත් විය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (27) සවස ගාල්ල එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති එක්සත් ජාතික පක්ෂයේ තරුණ ක්‍රියාකාරීන්ගේ හමුවකදීය.

එහිදී මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මෙසේ අදහස් පල කලේය “ කළ හැකි දේ මුළු ලෝකයටම රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලාංකික සමස්ථ මහජනතාවට යන්න තිබෙන්නේ මේ පාර පමණයි කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කරන ක්‍රියාවලියත් ඒ හරහා මුළු ලෝකයේම අවධානය ශ්‍රී ලංකාව කෙරෙහි යොමු කරගෙන ලංකාව ඔසවා තැබීම සඳහා ගෙනයන ක්‍රියාවලියත් එතුමා ඉදිරිපත්කර තිබෙනවා. එසේනම් එතුමා කළ හැකි සියලු දේ කරමින් පාර්ලිමේන්තුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තිබෙන වැදගත්ම ලක්ෂණයක් වන මූල්‍ය පාලනයද එතුමා නිවැරදි ආකාරයෙන් හසුරවමින් රට ආරක්ෂා කරමින් ඉදිරියට ගෙනයමින් තිබෙනවා. මෙවැනි අවස්ථාවක දේශපාලන පක්ෂ නායකයින්ට තිබෙන ප්‍රධානම කාරණය වෙලා තිබෙන්නේ, ජනාධිපතිවරණය තියන්නේ කවදාද කියන එකයි. ඒ විතරක් නෙමෙයි නොයෙක් ආකාරයේ අපේක්ෂකයින් ඉදිරිපත් වන බව මේ මොහොත වනවිටත් ප්‍රකාශ කර තිබෙනවා. කොහොම වුණත් ශ්‍රී ලාංකික මහජනතාව මේ දේවල් ගැන බොහෝම කල්පනාවෙන්, භාවනා කරනවා වගේ සිතා බැලිය යුතුව තිබෙනවා. එසේම මේ ඉදිරිපත් වෙලා තිබෙන අපේක්ෂකයින්ට රටක් කරන්න පුලුවන්ද හෝ මේ ඉදිරිපත් වෙලා තිබෙන නායකයින්ට ලෝක නායකයින් හසුරවමින් ලංකාව ඉදිරියට ගෙනියන්න පුලුවන්ද කියලා ශ්‍රී ලාංකික සමස්ථ මහජනතාව හොඳින් සිතා බැලිය යුතුයි. උදාහරණයක් විදිහට ගත්තොත් අවුරුද්දයි මාස හයක් ඇතුළත ඇමරිකානු ජනාධිපතිවරයා, චීන ජනාධිපතිවරයා, එංගලන්තේ අගමැතිවරයා, ප්‍රංශයේ අගමැතිවරයා, ජපානයේ අගමැතිවරයා, ඉන්දියාවේ අගමැතිවරයා ඇතුලු ලෝකයේ ප්‍රධාන නායකයින්ගේ අවධානය ලංකාවට යොමු කරගනිමින් ලංකාව බංකොලොත් භාවයෙන් මුදාගෙන ඉදිරියට ගෙනයමින් තිබෙනවා. වෙනත් ලෝකයේ බංකොලොත් වූ රටවල් අදටත් ගොඩ එන්න බැරිව සිටියදී රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමාගේ අත්දැකීම් හා පළපුරුද්ද නිසා අපේ රට බංකොලොත් භාවෙයෙන් මුදා ගෙන තිබෙනවා. මෙවැනි අවස්ථාවක අනිත් අය කියන දේවල් එතුමාට කියන්න බැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතර වෙනි පරිච්ඡේදයේ තුන්වෙනි වගන්තිය අනුව ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීමේ ධූරය දරණ ජනාධිපතිවරයාගේ ධූර කාලය ඉකුත් වීමට පෙර මාසයකට නොඅඩු නොවන සහ මාස දෙකකට වැඩි නොවන කාල සීමාවක් තුළ පැවැත්විය යුත්තේය. එසේනම් දැනට සිටින ජනාධිපතිවරයා තරඟ කරනවානම් ඔහු කියන්න ඕන මම තරඟ කරනවා කියලා, එතකොට ජනාධිපතිවරණයක් ඇති වෙනවා. එසේ නොමැති නම් මැතිවරණ කොමසාරිස්වරයාගේ රාජකාරිය කළ යුතුව තිබෙනවා. එසේනම් රටේ විවිධ දේශපාලන පක්ෂ කියන කාරණා ගැන අවධානය යොමු කරලා රටේ ජනාධිපතිවරයාට ක්‍රියා කරන්න බැහැ. නමුත් ශ්‍රී ලාංකික සමස්ථ මහජනතාව මතක තබා ගත යුතුයි, තමන් නැවත තෙල් පෝලිමට යනවද? නැවත ගෑස් පෝලිමට යනවද? තමන් නැවත මේ රට කඩා බිමට දානවද? එසේ නොමැතිනම් මේ ගත්ත ජාතික ප්‍රතිපත්ති රාමුව අවුරුදු 12 ක් පමණ එක දිගට ක්‍රියා කරන්න අවශ්‍ය පියවර ගන්නවද කියලා. මෙැවැනි පරිසරයක් තුළ නියත වශයෙන්ම ජනාධිපතිවරයා, ජනාධිපතිධූරය සඳහා ඉදිරිපත් විය යුතුයි. එතුමා ඒ බාරගත් වගකීම ඉදිරියට ගෙන ගොස් ශ්‍රී ලංකාව ශක්තිමත්ව ලෝකය හමුවේ ඔසවා තැබිය යුතුයි. ඒ සඳහා ශ්‍රී ලංකාවේ සියලු දේශපාලන පක්ෂවල අවධානය සහ සහයෝගය ලබාදිය යුතුයි. ඒ වගේම ඉදිරිපත් වී සිටින විවිධ කතා කියන ජනාධිපතිධූර අපේක්ෂකයින්ගේ පූර්ණ සහයත් ශ්‍රී ලංකාවේ දියුණුව සදහා අත්‍යවශ්‍යයයි. එක එක අයට විවිධ සිහින තිබෙන්න පුලුවන්. එක් එක්කෙනා තණ්හාව නිසා ධූරවලට ඉදිරිපත් වෙන්න පුලුවන්. නමුත් මේ ඉදිරිපත් වෙන පුද්ගලයින්ගේ සිත් දන්නවා තමන්ට රටක් කරන්න බැහැ කියලා. එසේනම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නියත වශයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව නියමිත වෙලාවට එතුමා තරඟ කරන බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරණයක් ඇති වෙයි. ඒ ඇතිවන ජනාධිපතිවරණය ශ්‍රී ලාංකික සමස්ථ මහජනතාව තමන්ට සිදුවූ ඛේදවාචකය නැවත තමාගේ අනාගත දරු පරම්පරාවට අත්වීඳීමට ඉඩ ලබා නොදීමට කටයුතු කල යුතුව තිබෙන බව මා ප්‍රකාශ කරන් කැමතියි යැයි මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 28
Previous Post

මෙරට ඩිජිටල් තාක්ෂණ උපාය මාර්ග රැසක් සාර්ථකව නිම වෙයි – ICTA 

Next Post

වික්‍රමසිංහ – රාජපක්ෂ පාලන තුළ රටේ නීතියේ ආධිපත්‍ය බිඳවැටිලා – මුජිබර් රහුමාන්

editor ttvnews

editor ttvnews

Next Post
වික්‍රමසිංහ – රාජපක්ෂ පාලන තුළ රටේ නීතියේ ආධිපත්‍ය බිඳවැටිලා – මුජිබර් රහුමාන්

වික්‍රමසිංහ - රාජපක්ෂ පාලන තුළ රටේ නීතියේ ආධිපත්‍ය බිඳවැටිලා - මුජිබර් රහුමාන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
කවුද පුරපති ?  නගරාධිපති ඡන්ද විමසීම අවසන්

කවුද පුරපති ? නගරාධිපති ඡන්ද විමසීම අවසන්

16 June 2025
එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

16 June 2025

Recent News

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
කවුද පුරපති ?  නගරාධිපති ඡන්ද විමසීම අවසන්

කවුද පුරපති ? නගරාධිපති ඡන්ද විමසීම අවසන්

16 June 2025
එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

16 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved