27 April 2024
#දේශීය #පුවත්

වික්‍රමසිංහ – රාජපක්ෂ පාලන තුළ රටේ නීතියේ ආධිපත්‍ය බිඳවැටිලා – මුජිබර් රහුමාන්

සියලු දෙනාට නීතිය එක හා සමානයි කියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වුවත් වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුවේ ඉන්න පිරිසට වෙනම නීතියක් සහ විපක්ෂයේ හා සිවිල් ක්‍රියාකාරින්ට වෙනම නීතියක් රට තුළ ක්‍රියාත්මක වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද (28) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දක්වමින් මුජිබර් රහුමාන් මහතා මෙසේ පැවැසීය ‘‘බාල ඖෂධ ගෙන ඒම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධව කට උත්තරයක් ගන්න හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළියගේ නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්ලමේන්තුව යනවා. වෙනත් පුද්ගලයින්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගිහින් කට උත්තර ගන්නේ නෑ ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවලා තමයි කට උත්තරය ලබා ගන්නේ. නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්ලමේන්තුව ආණ්ඩුවේ ඇමැතිවරු ලඟටම ගිහින් කට උත්තර ගන්න කටයුතු කරනවා. මේ පරීක්ෂණ පිළිබඳව මොනතරම් ස්වාධීනත්වයකින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩ කරනවාදැයි කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයාගේ නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යාම තුළින් පෙනෙන්නට තිබෙනවා. රටේ නිතියේ ආධිපත්‍ය සම්පර්ණයෙන් විනාශ වෙලා තිබෙන්නේ. වික්‍රමසිංහ රාජපක්ෂ පාලන තන්ත්‍රය තුළ නීතියේ ආධිපත්‍ය බිඳවැටිලා තිබෙන්නේ. පහුගිය කාලයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කෙහෙළිය රඹුක්වැල්ලට ලබාදුන්න සහනය අනෙක් පුද්ගලයන්ට ලබාදුන්නේ නෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සියලු දෙනාට නීතිය එක හා සමානයි කියලා සඳහන් වෙනවා. නමුත් වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුවේ ඉන්න පිරිසට ඒවා අදාල වෙන්නේන නෑ . ආණ්ඩුවේ සිටින පිරිසට වෙනම නීතියක් , ජනාධිපතිවරයාගේ ළඟම ඉන්න පිරිසට වෙනම නීතියක් සහ විපක්ෂයේ සහ සිවිල් ක්‍රියාකාරින්ට වෙනම නීතියක් අද රට තුළ ක්‍රියාත්මක වෙනවා. වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුවට රට තුළ නීතියේ ආධිපත්‍ය ඇති කරන්න බෑ සහ ඔවුන්ට නිතියේ ආධිපත්‍ය ඇති කරන්න අවශ්‍යතාවයකුත් නෑ. රාජපක්ෂලාට ගුණුදෙනු කරන්න පහසු පුද්ගයෙක් අවශ්‍ය වෙලා තිබුණා. ඒ පහසු කෙනා තමයි රනිල් වික්‍රමසිංහ. ඒ නිසා රාජපක්ෂලා ඔහුව ජනාධිපති ලෙස පත් කර ගත්තා. ඒ වගේම තමටි ඩීල් වලට පහසු පුද්ගලයින්ව තමයි ඇමැතිවරු තමන්ගේ ලේකම්වරු ලෙස පත් කර ගන්නේ. වංචා දූෂණවලට උදව් කරන අනුමැතිය ලබාදෙන ලේකම්වරුන්ට ඇමැතිවරු කැමැතියි. එවැනි ලේකම්වරු පත් කිරීමට කිසිදු සොයා බැලීමකින් තොර ජනාධිපතිවරයා අනුමැතියත් ලබාදෙනවා. කෙසේ නමුත් ඉදිරියේදී රාජපක්ෂවරු කවුරු පෙරමුණට දාගෙන ඉදිරියට එන්න උත්සහ කළත් මැතිවරණයේදී උවුන්ගේ මතවාදය සහ දේශපාලන බලය කැඩිලා බිඳිලා විශාල වෙලා යනවා යැයි  මුජිබර් රහුමාන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *