ආඝාතය හෙවත් අංශභාගය රෝගයට ප්‍රතිකාර කිරීම සම්බන්ධ ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික මාර්ගෝපදේශ සංග්‍රහය එළිදැක්වීම සිදු කෙරිණ.
ඒ, සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින (27) දින කොළඹ වෛද්‍ය පීඨ නව ගොඩනැගිල්ලේ (UCFM Tower) ශ්‍රවණාගාරයේ දීය.
ඉදිරියේ දී මෙරට ආඝාත ප්‍රතිකාර සේවාවන් සදහා වැදගත්වන සියළුම කරුණු සංයුක්ත කොට මෙම මාර්ගෝපදේශ සකස් කර ඇති අතර මෙම මාර්ගෝපදේශය එළිදැක්වීමෙන් රෝගී සත්කාර සේවාවන් සංවිධානය කිරීම සහ කළමණාකරණය කිරීමේ වගකීම දරණ වෛද්‍ය පරිපාළකයන් සහ ප්‍රතිකාර විෂයෙහි වගකීම දරණ සායනික විශේෂඥයන් අතර තාක්ෂණිකමය අවබෝධය ඉහළ නංවාලීමට මෙම ජාතික මාර්ගෝපදේශය උපකාරී වනු ඇත.
මෙහිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) ජි. විජේසූරිය මහතා විසින් මෙම ජාතික මාර්ගෝපදේශය සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත පිළිගැන්වීම සිදු කල අතර ශ්‍රී ලංකාවේ ආඝාත ප්‍රතිකාර සහ සේවාවන් වලට සම්බන්ධ සියලු පාර්ශවකරුවන්ට අවශ්‍ය තොරතුරු මාර්ගගත ක්‍රමය ඔස්සේ ලබා ගැනීමේ පහසුකමද මෙහිදී ආරම්භ කරන ලදී . http://www.health.gov.lk/ යන වෙබ් පිටුව පරිශීලනය කරීමෙන් අවශ්‍ය කෙනෙකුහට ඊට අදාල දැනුම ලබා ගත හැක.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, අතිරේක ලේකම් මහජන සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ස්නායු රෝග පිලිබද විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) ජී.විජේසුරිය, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (දන්ත සේවා) වෛද්‍ය ආනන්ද ජයලාල්, අධ්යක්ෂ (වෛද්‍ය සේවා) වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න යන මහත්ම මහත්මීන් ද, රෝහල් හා වෛද්‍ය ආයතන නියෝජනය කරමින් වෛද්‍ය පරිපාලකයින් ද, මෙයට දායකත්වය දක්වන ලද විද්‍යාතන නියෝජනය කරමින් විද්වතුන් ද, විශේෂඥ වෛද්‍යවරුන් හා වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.