27 April 2024
#දේශීය

අයියා එල්ල කළ උදලු පහරින් මල්ලී මරුට

ගල්නෑව පොලිස් වසමේ බුල්නෑව, හිරිපිටියාව ප්‍රදේශයේ නිවසක ගෙවත්තේ ඇති වූ ආරවුලක් දුර දිග යාමෙන් වැඩිමල් සොයුරා එල්ල කළ උදලු පහරකින් තවත් බාල සොයුරා ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, අවුකන, සිරිමාගම ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්.ඒ ලලිත් චන්ද්‍රකුමාර නම් (46) හැවිරිදි තිදරු පියෙකි. ඔහු නාවික හමුදාවේ සේවය කර ඇති අතර, අනතුරකින් පූර්ණ ආබාධිත තත්වයට පත් වීමෙන් පසු විශ්‍රාම ලබා සිට ඇත.

ඊයේ (27) රාත්‍රී 8.30 ට පමණ, සොයුරන් දෙදෙනා අතර බහින් බස් වීමක් ඇති වී ඇති අතර, බහින් බස් වීම දුරදීග යාමෙන් පසු පසු පසින් පැමිණි වැඩිමල් සොයුරා විසින් බාල සොයුරාගේ හිසට උදැල්ලේ තලය ප්‍රදේශයෙන් හිසට පහරදී බිම වැටුණු පසු හිසට නැවතත් පහර 03 ක් පමණ උදැල්ලෙන් කෙටූ බව සිද්ධිය ඇසින් දුටු ඔවුන්ගේ මව පැවසුවාය.

තමන්ට දරුවන් තිදෙනෙකු සිටින බවත්, දෙවැනි දරුවා අවිවාහක බවත්,ඔහු තමන් සමඟින් මහ ගෙදර ජීවත් වන බවත්, බාල පුතු මෙලෙස දෙවැනි පුතු අතින් ඝාතනයට ලක් වූ බවත් මව පැවසුවාය. උදැල්ලෙන් පහරදීමෙන් අනතුරුව දෙවැනි පුතු නිවසින් පළා ගි බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.

පහරදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා කඩිනමින් ගල්නෑව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව, වැඩිදුර ප්‍රථිකාර සඳහා අනුරාධපුර ශීක්ෂණ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළද ඔහු ජීවිතක්ෂයට පත් ව සිටි බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

ඝාතනය සිදු කළ සැකකරු පලාගොස් බස්නැවතුම රැදී සිටියදී අත්අඩංගුවට ගත් බවද ගල්නෑව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්නෑව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *