ජනාධිපතිවරණය එළැඹෙන සැප්තැම්බර් ඔක්තෝම්බර් මස අතර අනිවාර්යෙන්ම පැවැත්වෙන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් මහතා පවසයි. ඒ මහතා කියා සිටින්නේ වත්මන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට ජනාධිපතිවරණය නොතියා වංගු ගැසිය නොහැකි බවයි. ඒසේම මේ වන විට මාලිමාව වටා ජනතාව එක්රැස් වන අතර අනිවාර්යෙන්ම ආණ්ඩුවක් හදන බව හේරත් මන්ත්රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.