ජනාධිපතිවරණයට පෙර සාර්ථක මැයි දිනයක් පැවැත්වීමට සමගි ජනබලවේගයට හැකි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (02) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.
එහිදී අදහස් පල කල පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ‘‘ඵෙතිහාසික මැයි දිනයක් සමගි ජනබලවේගයට පවත්වන්න හැකියාව ලැබුණා. ජාති ආගම් භේදයකින් තොරව ජනතාව සමගි ජනබලවේගයේ මැයි දිනයට සහභාගි වුණා. ඒ වගේම සමගි ජනබලවේගයේ මැයි දිනයට ලක්ෂයකට වඩා වැඩි පිරිසක් සහභාගි වුණා. රටේ ජනතාවගේ අනාගතය භාර ගන්න සිටින දේශපාලන ප්‍රවාහය ලෙස සමගි ජනබලවේගය සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙවර මැයි දිනයේදී රටටත් ලෝකයටත් පණිවිඩයක් ලබාදුන්නා. සමගි ජනබලවේගයේ මැයි දිනය සාර්ථක , ප්රගතිශීලි මැයි දිනයක් බවට පත්වුණා. ඒ වගේම සමගි ජනබලව්ගයේ මැයි දිනය සාර්ථක කර ගැනීමට සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු පිරිසගේ කැපවීමත් අගය කළ යුතුයි. සමගි ජනබලවේගය විසින් පැවැත්වූ කොළඹ මැයි දිනය සහ පලනි දිගම්බරම් මහතා විසින් සංවිධානය කළ තලවකැලේ වතු කම්කරු ජනතාව සහභාගි වු මැයි දිනයටත් විපක්ෂ නායක , සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වුණා. කොළඹ මැයි දින රැළියට වගේම තලවකැලේ වතු කම්කරු ජනතාව සහභාගි වු මැයි දින රැළියට සාර්ථකයි. ඒ වගේම මහාචාර්ය ජී. එල් පීරිස් , ආචාර්ය නාලක ගොඩහේවා, ඩිලාන් පෙරේරා, වසන්ත යාපා බණ්ඩාර ඇතුළු පිරිසද සමගි ජනබලවේගයේ මැදි දින රැළියට සහභාගි වුණා. එය විශේෂ අවස්ථාවක්. ඒ වගේම සමගි ජනබලවේගය විසින් පවත්වපු මැයි දිනය ලංකාවේ සාර්ථකම මැයි දිනය බවට පත්වුණා. ජනාධිපතිවරණයට පෙර තිබුණ අන්තිම මැයි දිනය තමයි ඊයේ පැවැත්වුණේ. ඒ මැයි දිනය ඉතාම සාර්ථක මැයි දිනයක් ජනාධිපතිවරණයට පෙර පවත්වන්න ලැබීම ද වැදගත් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.