ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය එකම දිනකදී පැවැත්වීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි.
මන්ත්‍රිවරයා මේ බව පැවසුවේ විපක්ෂ නායක කාර්යාලයේදී අද (20) පැවැති මාධ්‍ය හමුවකදීය.
එහිදී මන්ත්‍රීවරයා පවසා සිටියේ මැතිවරණ දෙකම එකම දිනකදී පැවැත්වීමට අදාළව නීතිමය බාධාවක් නැති බවත් මෙමඟින් විශාල මුදලක් රටට ඉතිරි කර ගැනීමට හැකියාව ලැබෙන බවයි.
ප්‍රථමයෙන් ජනාධිපතිවරණය පැමිණියහොත් ඒ් සඳහා සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සූදානම් බවත් පර්ලිමේන්තු මැතිවරණයක් ප්‍රථමයෙන් පැමිණියහොත් ඒ් සඳහාත් සමගි ජනබලවේගයේ කණ්ඩායම සුදානම් බවත් ඒ් මහතා හෙතෙම පැවැසීය.
සමගි ජනබලවේගයේ සහ ජාතික ජනබලවේගයේ ආර්ථික කමිටු සහ නායකයන් අතර විවාදය සඳහා දින වෙන්කර ජාතික ජනබලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත ලිඛිතව දන්වා ඇති බවත් විවාද දෙක සඳහා පහසු දින කඩිනමින් ලිඛිතව සමගි ජනබලවේගය දැනුම්වත් කරන ලෙස ජාතික ජනබලවේගයෙන් ඉල්ලා සිටින බවත් හර්ෂණ රාජකරුණා මහතා කීයා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ හර්ෂණ රාජකරුණා මහතා ”ජනාධිපතිවරණයට පෙර මහමැතිවරණයක් පැවැත්වෙන බව නැවත දේශපාලන වේදිකාවල කතිකාවතක් ඇති වෙලා තිබෙනවා. නමුත් සමගි ජනබලවේගය ඉදිරියේදී පැවැත්වෙන ඔනෑම මැතිවරණයකට සූදානම්. ඒ් වගේම පළාත් පාලන මැතිවරණය කල් දෑමීමට සැලසුම් කළ අවස්ථාවේ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක් අධිකරණයට ගියේ නෑ. නමුත් සමගි ජනබලවේගය අධිකරණයට ගොස් මැතිවරණය පවත්වන ලෙස තහනම් නියෝගයකුත් ගත්තා. නමුත් ආණ්ඩුව ඒ් අධිකරණ නියෝගය නොසලකා හැරියා. ප්‍රථමයෙන් ජනාධිපතිවරණය පැමිණියහොත් ඒ් සඳහා සමගි ජනබලවේගය සහ සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සූදානම්. ඒ් වගේම සජිත් ප්‍රේමදාස මහතාව රටේ නායකයා බවට පත් කරන්න රටේ සියලුම බලවේග මේ වනවිට එකතු වෙලා තිබෙනවා. පර්ලිමේන්තු මැතිවරණයක් ප්‍රථමයෙන් පැමිණියහොත් ඒ් සඳහාත් සමගි ජනබලවේගය සූදානම්. පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් කළ හැකි දක්ශතම කණ්ඩායම , රට ඉදිරියට ගෙනියන්න පුලුවන් , ආර්ථිකය මෙහෙයවන්න පුළුවන් , අනෙකුත් සියලු අංශ සඳහා පලපුරුද්ද තිබෙන කණ්ඩායම සිටින්නේ සමගි ජනබලවේගයට. ඒ් නිසා රටේ බහුතරයක් ජනතාව ඊළඟ ආණ්ඩුව ලෙස පත් කරගන්නේ සමගි ජනබලවේගයයි. ආණ්ඩුවේ පිරිසක් පවසනවා පළමුව පැවැත්වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණය කියලා. තවත් පිරිසක් පවසනවා පළමුව පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය කියලා. ආණ්ඩුවට පුලුවන් නම් ජනාධිපතිවරණය සහ මහමැතිවරණය එක දිනයක පවත්වන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ් සඳහා නීතිමය බාධාවක් නෑ. විශාල මුදලක් ඉතිරි කරගැනීමටත් මේ හරහා පුලුවන්. රටට ජන මතයකින් පත්වුණ ජනාධිපතිවරයෙක් සහ පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජය වුණ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි රාජපක්ෂවරුන්ගේ ආරක්ෂකයා බවට පත් වෙලා තිබෙනවා. රටේ මහජනතාව ප්‍රතික්ෂේප කළ ආණ්ඩුවක් තමයි රට පාලනය කරන්නේ. රට පාලනය කරන්නේ ජන මතයක් නැති ජනාධිපතිවරයෙක් සහ ජන මතයක් නැති ආණ්ඩුවක්’‘ යැයි මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා වැඩිදුරටත් කියා සිටියේය.