දකුණුදිග කේරළ ප්‍රාන්තයේ මාරාන්තික නිපා වයිරසය ආසාදනයවීමෙන් 14 හැවිරිදි පිරිමි ළමයෙකු මිය යාමත් සමඟ එරට ප්‍රාන්ත රජය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
මේ රෝගය වැලඳුණු හැටදෙනකුට ආසන්න පිරිසක් හඳුනාගෙන ඇති බව කේරළ සෞඛ්‍ය අමාත්‍ය වීනා ජෝර්ජ් පවසයි.
මෙය ඌරන් සහ පලතුරු වවුලන් වැනි සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වන අතර මාරාන්තික මොළයේ ඉදිමීම් උණ ඇති කරනු ලබන බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිපා ‘ප්‍රමුඛතා රෝග කාරකයක්’ ලෙස වර්ගීකරණය කර ඇති අතර එය
වසංගතයක් ලෙස වර්ධනය වීමට ඇති හැකියාව ඇති බව පැවසේ.
ආසාදනය වැලැක්වීමට එන්නතක් නොමැති අතර මේ සඳහා තවම නිශ්චිත ප්‍රතිකාරයක් සොයාගෙන නැත.