එළෙඹෙන ජනාධිපතිවරණය මැතිවරණ කොමසාරිස්වරයා විසින් ප්‍රකාශයට පත් කර ඇති බැවින්, එම කාලය තු ජනාධිපති අපේක්ෂකයන්ගේ, පුරවැසියන්ගේ මෙන්ම සමස්ත රටේම ආරක්ෂාව උපරිම අයුරින් තහවුරු කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අද (26) පාර්ලිමේන්තුවේදී ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබේ.
ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අද (26) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා විසින් මෙලෙස උපදෙස් ලබා දී ඇත.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ඇතුළු ත්‍රිවිධ හමුදාවේ ඉහල පෙළේ නිලධාරීන් පිරිසක් මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ඒ යටතේ ඇති ආයතන ප්‍රධානීන් මෙම කාරක සභා රැස්වීමට කැඳවා තිබිණි.
එසේම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි මෙම සියලු කටයුතු සිදුකරන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.