විවෘත අධිකරණවල නඩු විභාගවලදී ලබාදෙන සාක්ෂි හඬ පටිගත කිරීමේ (voice-typing) තාක්ෂණය භාවිතයෙන් නිරවද්‍ය ලෙස පිටපත් කර ගැනීම සඳහා නව මෘදුකාංගයක් සංවර්ධනය කරමින් පවතින බව වාර්තා වේ.
සාක්ෂි ලබාදෙන එක් එක් පුද්ගලයාගේ හඬ වෙන වෙනම හඳුනා ගැනීමටත්, මීට පෙර සාක්ෂි ලබා දී ඇති සාක්ෂිකරුවෙකු යළි පෙනී සිටින අවස්ථාවලදී මතුවිය හැකි ගැටලු මඟහරවා ගැනීමටත් මෙම නව මෘදුකාංගය නිර්මාණය කර ඇත. නඩු කල්යෑමට ප්‍රධාන හේතුවක් වී ඇති අධිකරණ වාර්තා සහ නඩු කටයුතු සටහන් කර ගැනීමට ගතවන ප්‍රමාදය අවම කිරීමේ අරමුණින් මෙම මෘදුකාංගය මහේස්ත්‍රාත් සහ මහාධිකරණ වෙත හඳුන්වා දීමට නියමිතය.














