වී වගාවට පමණක් ලබාදෙන පොහොර සහනාධාරය ඉදිරියේදී අතිරේක භෝග වගා කරන ගොවීන් සඳහා ද ලබා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කර තිබේ.
මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති ගොවි හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. කෘෂිකර්ම වෙළෙඳ සහ මුදල් අමාත්‍යාංශ මෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඒකාබද්ධව විශේෂ ආයතනික යාන්ත්‍රණයක් මේ වන විට සක්‍රිය කර ඇති බවත්, ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු සඳහා විවෘතව සාකච්ඡා කර කඩිනම් විසඳුම් ලබා දීමට රජය අපේක්ෂා කරන බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.














