ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය අධ්‍යාපන කලාප බල ප්‍රදේශයට අයත් ගා/නියාගම විජිත මධ්‍ය මහා විද්‍යාලයීය හොකී සංගමය දෙවන වරටත් සංවිධානය කරනු ලැබූ හොකී තරගාවලිය පසුගියදා නියාගම වෘත්තීය පුහුණු ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.
එහි “ඒ” කාණ්ඩයේ බාලක රන් කුසලානය ගාල්ල මේදංකර විද්‍යාලයත්, “බී” කාණ්ඩයේ බාලක රන් කුසලානය ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයත් දිනාගත් අතර, බාලිකා රන් කුසලානය ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාල හිමිකර ගන්නා ලදි.
මෙම තරගාවලියේ දක්ෂතම දැල් රකින්නිය ලෙස සවුත්ලන්ඩි විද්‍යාලයේ එච්.ඩ්.එම් අඹවත්ත සිසුවිය සහ දක්ෂතම දැල් රකින්නා ලෙස විද්‍යාලෝක විද්‍යාලයේ ජී.කේ.කේ තේජාන් පන්සිළු කුසලාන දිනා ගත්තේය.
ක්‍රීඩා සමාජ ප්‍රදර්ශණ හොකී තරගා වලියේ ජය යුධ හමුදා කේට්රියන්ස් කණ්ඩායම දිනා ගන්නා ලදි.
දකුණු පළාතේ ප්රමුඛ පාසල් රැසක් සම්බන්ධ කර ගනිමින් දින 03 ක් පුරා පැවැති මෙම තරගා වලිය සඳහා දකුණු පළාතේ පාසල් 15 ක් නියෝජනය කරමින් 14 න් පහළ බාලක, බාලිකා හොකී කණ්ඩායම් 20 ක තරඟකරුවන් 400 ක් පමණ සහභාගි විය.
මෙම හොකී තරගාවලියේ සමාප්ති උළෙල සඳහා පිටිගල පොලිස් ස්ථානාධිපති, පොලිස් පරික්ෂක අර්ජුන වික්‍රමසිංහ, ගාල්ල දිස්ත්‍රික් හොකී සංගමයේ උප සභාපති රනවැල්ල ලියනගේ දිලුක් අසංක, නියාගම විජිත මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති රෝහණ වසන්ත, විද්‍යාලයේ ආදි ශිෂ්‍ය නිහාල් ජයසිංහ, නියාගම විජිත මධ්‍ය මහා විද්‍යාලයේ හොකි ක්‍රීඩා පුහුණුකරු ඩි.ඩබ්ලිව් නලින්ද ඇතුලු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.