19 September 2024
#දේශීය #පුවත්

බංග්ලාදේශයට පොහොර ගෙන ගිය නෞකාව ලංකාව රඳවා ගනියි

ගාල්ල මුහුදු තීරයේදී බහුදින ධීවර යාත්‍රාවක හැපී සිදුවූ අනතුරෙන් ධීවර කාර්මිකයන් තිදෙනෙකු අතුරුදන් වීමේ සිද්ධියට සම්බන්ධ නෞකාව නාවික නීතිය යටතේ සිය භාරයට ගෙන ත්‍රිකුණාමල වරායේ රඳවා ගත් බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය කියයි.

ලිබියාවේ සිට බංගලාදේශය දක්වා පොහොර තොගයක් රැගෙන යමින් තිබූ ‘COMMANDER-K’ නමැති මෙම නෞකාව ඉන්ධන ලබා ගැනීමට ත්‍රිකුණාමල වරායට පැමිණි අවස්ථාවේ ගාල්ල වරාය මගින් ලබා දුන් පණිවිඩයක් මත මෙම රඳවා ගැනීම සිදු කළ බව ත්‍රිකුණාමල වරායේ නියෝජ්‍ය හාබර් මාස්ටර් කපිතාන් ශ්‍රියන්ත අරම්පත් මහතා පැවසීය.

මේ අනුව ගාල්ල වරාය පොලීසිය මගින් ලබා දුන් පණිවිඩයක් මත ත්‍රිකුණාමලය වරාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ඒ. රණවිර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් රඳවා ගෙන ඇති නෞකාවට ගොස් එහි කපිතාන්වරයාගේ ප්‍රකාශයක් සටහන් කර ගනු ලැබීය. කපිතාන්වරයා ත්‍රිකුණාමල වරායේදී ඉන්ධන ලබා ගැනීමට පැමිණෙන තෙක් තම නෞකාව ධීවර යාත්‍රාවක ගැටුණු බව නොදන්නා බව ප්‍රකාශ කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිකුණාමල වරාය පොලීසිය, ගාල්ල වරාය පොලීසිය හා ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යයි.

 

[ada]

Leave a comment

Your email address will not be published. Required fields are marked *