20 September 2024
#දේශීය #පුවත්

21දා සාමාන්‍ය සෙනසුරාදාවක දුම්රිය කාලසටහන ක්‍රියාත්මකයි!

මැතිවරණය පැවැත්වෙන 21 වැනිදා සාමාන්‍ය පරිදි සෙනසුරාදා දිනයට අදාළ දුම්රිය කාලසටහන ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නන්දන ඉඳිපොලගේ මහතා පවසන්නේ, 22 වැනි ඉරිදා දුරගමන් සේවා දුම්රියද ක්‍රියාත්මක වන බවයි. එමන්ම කෙටිදුර දුම්රිය ධාවනයේ යම් අඩුවක් සිදුවිය හැකි බව ද ඔහු සඳහන් කරයි.

මැතිවරණ රාජකාරි සඳහා සහභාගි වන රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශයේ පිරිස් සඳහා කොළඹ කොටුව සහ කන්කසන්තුරය අතර විශේෂ දුම්රියක් ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

කොළඹ කොටුවෙන් උදෑසන 9ට පිටත්වන දුම්රිය පෙරවරු 10.37ට කුරුණෑගලට ළඟාවන අතර පස්වරු 01.10ට අනුරාධපුරයටද, පස්වරු 4.36ට කන්කසන්තුරයටද ළඟාවීමට නියමිතය.

එම දුම්රිය ඊයේ (19දා) ධාවනය වූ අතර, එය යළි 21වැනිදා ධාවනය කෙරේ. එමෙන්ම කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය මධ්‍යාහ්න 12ට කන්කසන්තුරෙන් පිටත් වී පස්වරු 03.17ට අනුරාධපුරයෙන් පිටත්වීමට නියමිතය. පස්වරු 05.57ට කුරුණෑගලින් පිටත්ව පස්වරු 07.35ට කොළඹ කොටුවට ළඟාවීමට නියමිතය. මෙම දුම්රිය ගමන් කරන්නේ අද (20දා) සහ 22 වැනිදා බව ද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *