20 September 2024
#දේශීය #පුවත්

ඡන්දේ දාන්න ගමේ යන්න අධිවේගයේ බස් නෑ!

මා කුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ඡන්දය ප්‍රකාශ කිරීමේ අරමුණින් ගම්බිම් බලා යාමට පැමිණි දහස් සංඛ්‍යාත පිරිසකට ප්‍රමාණවත් බස් රථ නොමැති වීමෙන් ඔවුන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනු දක්නට ලැබුණි.

සාමාන්‍ය කාලසටහන් වලට අනුව බස් රථ යොදවා තිබුණාත් විශාල ජනතාවක් පැමිණීම හේතුවෙන් ඔවුන්ට ප්‍රමාණවත් බස් රථ නොමැති වීමෙන් මෙම තදබදය හටගෙන ඇතැයි පැවසේ.

ඇතැම් මගීන් පැය ගණනක් පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබුණු අතර මොණරාගල , අම්පාර, ඇඹිලිපිටිය , බදුල්ල ,කතරගම ඇතුළු දුර බැහැර ප්‍රදේශ වලට ගමන් කිරීම සදහා බස් රථවල දැඩි ප්‍රමාදයක් දක්නට ලැබිණි.

 

 

[Lankadeepa]

Leave a comment

Your email address will not be published. Required fields are marked *