ජනාධිපතිවරණය පැවැත්වෙන කාලසීමාවේදී යම් කිසි ස්වාභාවික ආපදාවක් ඇතිවුවහොත් ඊට මුහුණ දෙමින් ඡන්දදායකයන් හා මැතිවරණ නිලධාරීන් සුරක්ෂිත කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සූදානමින් සිටින බව එහි අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ඊයේ පැවසීය.
මේ වෙනුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විශේෂ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් ස්ථාපිත කරන බවද හෙතෙම කීවේය. ලබන විසිතුන් වෙනිදා දක්වා මෙම කාර්යාලය ක්‍රියාත්මක බවද හෙතෙම පැවසීය. යම්කිසි ආපදාවක් ඇතිවුවහොත් 117 දුරකථන මැදිරිය සමග සම්බන්ධ වෙන ලෙස ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු කීවේය. ත්‍රිවිධ හමුදාව හා පොලිසිය ඇතුළු සියලු කණ්ඩායම් සමග කටයුතු කරන බවද ඒ මහතා පැවසීය.
[divaina]