“කතරගම දෙටගමුවේ තියෙන සුරා සැල මා විසින් කරගෙන යන එකක් කියා චෝදනා එල්ල කර තිබුණා.මේක තනිකරම අසත්‍යයක්.මගෙන් කිසිදු විමසීමක්වත් නොකර ඒ බව පුවත් පත්වල පවා පළ කරලා තිබුණා.මේ සම්බන්ධයෙන් මගේ දැඩි අප්‍රසාදය පළකරනවා” හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා ඊයේ (24දා) අද කළ විමසීමකදී පැවසීය.
කතරගම, දෙටගමුව ප්‍රදේශයේ නව සුරා සැලක් විවෘත කිරීමත් සමග මහා සංඝ රත්නය විසින් ඊට විරෝධය පළකරමින් එය වසා දමන තෙක් ප්‍රදේශයේ දහම් පාසැල් වසා තැබීමට 23 දින තීරණය කර තිබේ. මෙම සුරාසැල ආරම්භ කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාටය.ඒ අනුව මේ සම්බන්ධයෙන් අප නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගෙන් සිදු කළ විමසිමකට ප්‍රතිචාර දක්වමින් ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.
“කතරගම මට සුරා සැලක් නෑ. කතරගම දෙටගමුවේ දැම්ම සුරා සැලට මගේ කිසිදු සම්බන්ධයක් නෑ.කතරගම ස්වාමීන් වහන්සේලා මේ සම්බන්ධයෙන් මගේ නම සඳහන් කරමින් මේ කරන ප්‍රකාශය ගැන මම දැඩි ලෙස කණගාටු වෙනවා.මේක මට මඩ ගහන්න කරපු වැඩක්.කතරගම තව බාර් ලයිසන් තියෙන හෝටල් දහයකට ආසන්න ප්‍රමාණයක් තියෙනවා.ඒ අතරිනුත් කතරගම පූජා භූමියේම තියෙන බාර් හතරක ප්‍රසිද්ධියේම අරක්කු විකිණීම සිදුකරනවා.මේ විරෝධතාව දක්වන පිරිස ඒ සියල්ලටමයි විරෝධය දැක්විය යුත්තේ.
[ada]