වවුනියාව, පට්ටාන්ච්චිචූර් හී මැතිවරණ ප්‍රචාරණ රැලියක් අතරතුර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සහහිටපු රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්ගේ ආධාරකරුවන් දෙපිරිසක් අතර ඊයේ (11) රාත්‍රියේ දි ඇතිවු ගැටුමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි වවුනියාව පොලිසිය පවසයි.
හිටපු රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්ගේ අවසන් ප්‍රචාරණ රැලිය පට්ටාන්ච්චිචූර් ප්‍රදේශයේ පැවති අතර, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ ප්‍රචාරණ රැස්වීමක්ද අදාළ ප්‍රදේශයේ පැවැත්වීමට නියමිතව තිබුණි.
රැස්වීම වෙනුවෙන් රිෂාඩ් බදියුදීන් හා ඔහුගේ ආධාරකරුවන් ගමන් කරමින් සිටියදී මස්තාන්ගේ ආධාරකරුවන් රිෂාඩ් බදියුදීන් ගමන්ගත් වාහනය වෙත පහරදී තිබේ.
අදාළ අවස්ථාවේ ආධාරකරුවන් දෙපාර්ශවය අතර ගැටුමක් හටගෙන ඇති අතර,වවුනියාව පොලීසිය හා නෙලුක්කුලම පොලීසිය මැදිහත්ව ගැටුම සමතයකට පත්කර ඇත.
ගැටුම අතරතුර පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා වවුනියාව රෝහලට ඇතුළත් කළ අතර, දෙපාර්ශවයේම වාහන කිහිපයකට හානි සිදුව ඇති බවද පොලීසිය සඳහන් කළේය.
ගැටුමට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලීසිය හා නෙලුක්කුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි