මැදමහනුවර, වතුලියද්ද ප්රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවු අනතුරකින් පාසල් සිසුවෙකු මියගොස් තිබේ.
තෙල්දෙණිය පොලීසිය සඳහන් කළේ, ප්රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ අද (20) අලුයම මෙම අනතුර සිදුව ඇති බවය.
අනතුරින් නිදා සිටි පාසල් සිසුවා පස් සහ නිවසේ බිත්ති අතරට සිරවී ඇති අතර ප්රදේශවාසීන් විසින් ඔහු බේරාගෙන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ 16 හැවිරිදි වතුලියද්ද ප්රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙකු බව සඳහන් වේ.