මිනුවන්ගොඩ ප්‍රදේශයේදී රුපියල් කෝටි හතකට අධික මුදලක් සොරකම් කර පළා යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 35ක් වූ තම්මිට, මාකවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම සොරකම සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව ඊයේ (නොවැ.19) දහවල් ගම්පහ, කඩුවන්ගහ ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 420ක් සමග මෙම සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශනය සිදු කළ බව පොලිසිය පැවසීය.
පොලිසිය වැඩිදුරට ත් සඳහන් කළේ, මෙම සොරකමට අදාළ රුපියල් තුන්කෝටි පහළොස් ලක්ෂ පහළොස් දහස් දෙසිය අනූ එකක (31,515,291) මුදලක් සැකකරු සන්තකයේ තිබී සොයා ගෙන ඇති බව ය.
මේ පිළිබඳ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය හා මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
පොලිසිය සඳහන් කළේ, පෙරේදා (නොවැ.18) උදෑසන මුදල් ආරක්ෂිතව ප්‍රවාහනය කරනු ලබන පෞද්ගලික ආයතනයක රියැදුරු වශයෙන් කටයුතු කළ පුද්ගලයෙකු විසින් මෙම සොරකම සිදු කරනු ලැබ ඇති බව ය.
මෙම පෞද්ගලික ආයතනයේ නිලධාරීන් සීදුවේ පිහිටි ඔවුන්ගේ ආයතනයේ සිට ටෙලර් යන්ත්‍රවලට මුදල් තැන්පත් කිරීම සඳහා වෑන් රථයකින් යමින් සිටියදී ආරක්ෂකයන් රථයෙන් බැස ගිය මොහොතක රථයේ තිබූ රුපියල් කෝටි හත හමාරක්ද රැගෙන වෑන් රථයේ රියැදුරා පළා ගොස් තිබිණි.
අනතුරුව ඔහු වෑන් රථය ගම්පහ, උග්ගල්ගොඩ ප්‍රදේශයේ අතහැර දමා තවත් පුද්ගලයෙකු සමග වෑන් රථයේ රියැදුරු යතුරුපැදියකින් පළා ගොස් තිබුණි.
මිනුවන්ගොඩ පිහිටි බැංකුවක ටෙලර් යන්ත්‍රයකට මුදල් තැන්පත් කිරීමට ගිය අවස්ථාවකදී මෙම සොරකම සිදු වී ඇති බව පොලිසිය පැවසීය.