බොරු රැවුලවලින් සැරසුණු දෙදෙනකු ලබා මාධ්‍ය සාකච්ඡා පවත්වමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණයට බලපෑමක් විය හැකි ආකාරයේ ප්‍රකාශයක් කර වු බවට චෝදනා ලැබ සිටි හිටප සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති මොහෝමඩ් රූමිට එරෙහිව පවරා තිබු නඩුවෙන් වාචික චෝදනා නොකැඳවාම නිදොස් කොට නිදහස් කරන්නැයි කොළඹ මහාධිකරණය නියෝග කළේය.
මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු සුජිව නිශ්ශංක මහතා හමුවේ කැඳවූ අවස්ථාවේ විත්තියේ වාචික නොකැඳවා විත්තිකරුවන් දෙදෙනා නිදහස් කරන්නැයි ඔවුන්ගේ නීතිඥවරුන් කළ ඉල්ලීම පිලිගනිමින් මහේස්ත්‍රාත්වරයා එසේ නියෝග කළේය.