විදුලි සැපයුම අනවසරයෙන් වැටවල්වලට හෝ රැහැන්වලට සම්බන්ධ කිරීම් මගින් 2024 වසර තුළ මේ දක්වා පමණක් අලි ඇතුන් 50 දෙනෙකු පමණ මරණයට පත් වී තිබේ.
අලි ඇතුන් මරණ වළක්වා ගැනීම සඳහා විදුලි සැපයුම අනවසරයෙන් වැටවල්වලට හෝ රැහැන්වලට සම්බන්ධ කිරීම් පිළිබඳව 0112118767 හෝ 1987 අංකය වෙත දැනුම් දෙන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉන්ජිනේරු ඒ.ඩී.කේ. පරාක්‍රමසිංහ පවසයි.
අද (දෙසැ. 23) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කළේ ය.
ලංකා විදුලිබල මණ්ඩලය මෙම නීති විරෝධි ක්‍රියාව සම්බන්ධයෙන් දැනටම ත් සුදුසු විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති බව ත් ඒ සඳහා ජනතා සහය ද අපේක්ෂා කරන බව ත් එම නිවේදනයේ සඳහන් කර ඇත.