සොරකම් කරන ලද මෝපේඩ් වර්ගයේ යතුරු පැදි නමයක් සමඟ පුද්ගලයින් හතර දෙනෙක් තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය හා අම්බලන්තොට පොලිසිය එක්ව ඊයේ (26) අත් අඩංගුවට ගෙන ඇත.
මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන සතිපොල හා සුපිරි වෙළඳසැල්අසල නතර කර ඇති මෙම වර්ගයේ යතුරු පැදි විවිධ ප්ර දේශවලින් සොරකම් කර ගාල්ල හා මාතර ප්ර දේශවල ස්ථාන දෙකකට අලෙවි කර තිබියදි පොලිසිය සොයාගෙන ඇත.
මෙම යතුරු පැදි හිමිකරුවන් අදාළ පොලිසියට කරන ලද පැමිණිලි මත සි.සි ටී.වි දර්ශන පරීක්ෂාවන් ඔස්සේ පුද්ගලයින් හඳුනාගත් පොලිසිය (26) අම්බලන්තොට සති පොල පැවැති දිනයේ ආවේක්ෂණ රාජකාරියේ යෙදි සිටි පොලිස් නිළධාරීන්ට සැකසහිත එක් පුද්ගලයෙක් සම්බන්දයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන ඇති බව පොලීසිය කියයි