දිවයින පුරා වී ගබඩා පිළිසකර කිරීම් සහ යථාතත්වයට පත් කිරීම් යටතේ දින දෙකකදී ගබඩා 30ක් සකස් කිරීම අවසන් කර තිබෙන බව යුද හමුදා මුලස්ථානය සඳහන් කරයි.
ඒ අනුව ආරක්ෂක සේනා මූලස්ථානය යාපනය යටතේ ඇති වී ගබඩා සංකීර්ණ තුනක් , වන්නි යටතේ ඇති වී ගබඩා 10ක් , නැගෙනහිර බල ප්‍රදේශයේ ඇති වී ගබඩා සංකීර්ණ 3ක් , ආරක්ෂක සේනා මූලස්ථානය බටහිර යටතේ ඇති වී ගබඩා 05ක් සහ ආරක්ෂක සේනා මූලස්ථාන මධ්‍යම බල ප්‍රදේශයට අයත් වී ගබඩා සංකීර්ණ 09ක් සම්පූර්ණයෙන් පිළිසකර කටයුතු අවසන් කර තිබේ.
යුද්ධ හමුදාවේ ශ්‍රමදායකත්වය යටතේ Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව දිවයින පුරා වී ගබඩා පිරිසිදු කිරීම් තවදුරටත් සිදුකරන බවද පෙන්වා දෙයි.
රජය සතු වී ගබඩා 209 ක් පිළිසකර කිරීමට සැලසුම් කර තිබෙන අතර අදාළ කටයුතු මේ මස 27 වන දින වන විට අවසන් කිරිමටද යුද හමුදාව සැලසුම් කර තිබේ.
මෙවර මහ කන්නයේ වී අස්වැන්න රජය විසින් මිලදී ගැනීමෙන් පසු වී අලෙවි මණ්ඩලය සතු ගබඩා තුළ වී තොග ගබඩා කිරීමට සැලසුම් කර ඇති අතර, අදාළ ගබඩා හා ඒ අවට භූමි ප්‍රදේශ දීර්ඝ කාලීනව භාවිත නොකිරීම හේතුවෙන් භාවිතයට සුදුසු අයුරින් පිළිසකර කිරීම සහ යථාතත්වයට පත් කිරීම කරනු ලබයි.
මේ යටතේ ජනවාරි මස 19 සහ 20 දෙදිනෙහි ආරක්ෂක සේනා මූලස්ථානයන්හි අධීක්ෂණය යටතේ දිවයින පුරා ගබඩා 30 පිළිසකර කිරීම් සහ යථාතත්වයට පත් කිරීම් සිදුකර තිබේ.