හිටපු අමාත්‍යවරයෙක් වන අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (22) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පවසයි
ඒ 2014 වසරේදී බිංගිරිය, නාරම්මල ප්‍රදේශවල ගංවතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීමේ මුවාවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් රුපියල් මිලියන 6.1ක මුදලක් ලබාගෙන එම කටයුත්ත සඳහා භාවිතා නොකර එම මුදලින් 2015 වසරේ ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු සිදු කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන්.
එම මුදල් සාපරාධී පරිහරණයක් මෙන්ම පොදු දේපළ යටතට ගැනෙන වරදක් බැවින් නීතිපතිවරයාගේ උපදෙස් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
සැකකරු හා සැකකාරිය අද (23) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.