කොළඹ බදුල්ල අතර ධාවනය වන දුම්රියවලින් විදුරු හා ප්ලැස්ටික් හිස් බෝතල් 20000ක් පමණ මාසිකව එකතුවන බව එහි සේවකයෙක් පැවසීය.
දිනපතා දුම්රියේ ගමන් කරන මගීන් පරිහරණයෙන් පසු හිස් ප්ලාස්ටික් හා වීදුරු බෝතල් ආසන මත සහ තැනින්තැන දමා තිබියදි බදුල්ල දුම්රිය මැදිරියේ සේවකයන් විසින් ඒ්වා දුම්රිය ස්ථානයේම ආරක්ෂිතව ගොඩකර පිටස්තර ආයතන වලට අළෙවිකිරීමට කටයුතු කරන බව කියයි.
ඉවත දමන දව්ය අතර හිස් ජල බෝතල්,බීර ටින්,මත්පැන් බෝතල් වැඩි වශයෙන් තිබෙන බව කියන අතර දුම්රියේ ගමන්කරන ඇතුම් මගීන් ධාවනය වන දුම්රියෙන් පිටතට අපදව්ය දැමීමෙන් පරිසරික විනාශයන්ද සිදුව තිබේ.