CTV කැමරා මගින් රථ වාහන වැරදි සිදු කරන රියැදුරන් හඳුනා ගැනීම සහ එම ක්රියාවලිය වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමට උපකාරී වන නව මෘදුකාංගයක් ශ්රී ලංකා පොලීසිය විසින් හඳුන්වා දෙනු ලැබ තිබේ.
ඒ, වැඩබලන පොලිස්පති ප්රියන්ත වීරසූරියගේ ප්රධානත්වයෙන් CCTV කොට්ඨාසයේදී ය.
මෙම නව මෘදුකාංගය මගින් කොළඹ නගරය තුළ රථ වාහන වැරදි සිදුකරන රියැදුරන් කොළඹ ප්රධාන CCTV මෙහෙයුම් මැදිරියේ CCTV පද්ධතිය මගින් නිරීක්ෂණය කෙරේ.
අනතුරුව එම වරද රියැදුරා පදිංචි පොලිස් වසමේ පොලීසියට දැනුම් දී ඊට අදාළ දඩ කොළ ලබා දීම සිදු වෙයි.