ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීම රජයේ න්‍යාය පත්‍රයේ ප්‍රමුඛ කාර්යක් ලෙස වර්තමාන රජය විසින් පවසා තිබේ.
මේ වන විට උතුර ,නැගෙනහිර පළාත්වල මාර්ග බොහෝ සෙයින් අබලන් තත්ත්වයේ පවතින බැවින් සෑම ප්‍රාදේශීය කොට්ඨාශයක්ම ආවරණය වන පරිදි උතුරු පළාත තුළ මාර්ග 1500km ක් හා නැගෙනහිර පළාත තුල මාර්ග 500km ක් සංවර්ධනය කිරීමට රජය ප්‍රමුඛතාවය ලබා දී තිබේ.
ඒ අනුව මාර්ග අලුත්වැඩියා කිරීම , ඉදිකිරීම නඩත්තු කිරීම සඳහා පුළුල් ප්‍රවේශයක් හඳුන්වා දීමට සැලසුම් කර ඇති බවයි සඳහන් වන්නේ.
එමෙන්ම උතුර නැගෙනහිර පළාත්වල යෝජිත ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමට ප්‍රවාහන ,මහාමාර්ග ,වරාය සහ සිවිල් ගුවන් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.