2025 වසරේ ලක්ෂ 25 ඉක්ම වූ සංචාරක පැමිණීමක් අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කරේ, සංචාරක ව්‍යාපාරයේ යටිතල පහසුකම් සංවර්ධය කිරීම ඇතුළු සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 500ක් මෙවර අයවැයෙන් වෙන් කර ඇති බවය.
සංචාරකයින් සඳහා නව ගමනාන්ත ලෙස Brand City ඇතිකරන බවත් සංචාරකයින් සඳහා ඩිජිටල් ටිකට්පත් හඳුන්වාදීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පවසනවා.
එමෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ සන්නිවේදන හා අනෙකුත් කුසලතා සඳහා තරුණ තරුණියන් පුහුණු කිරීමට පහසුකම් රජය සලසන බවත් බණ්ඩාරනායක ගුවන් තොටුපොලේ දෙවන පර්යන්තයේ වැඩකටයුතු ජපන් ආධාර මත ආරම්භ කරන බවත් ජනාධිපතිවරයා යෝජනා කර සිටියා.
*