මිනුවන්ගොඩ, පත්තඩුවන මංසන්ධියේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර තිබේ.
අද (26) උදෑසන 11ට පමණ මෙය සිදුව ඇති බවට පොලීසිය විසින් පවසා තිබේ.
වෙඩිතැබීමෙන් වයස අවුරුදු 36ක පමණ පුද්ගලයෙකු තුවාල ලබා මේ වනවිට රෝහල්ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.