හැටන් සිංගිමලේ රක්ෂිතයේ ඊයේ(09) දින රාත්‍රියේ හටගත් ගින්න දැඩි පරිශ්‍රමයක් දරා පාලනය කිරීමට හැකි වූ බව හැටන් වන අඩවි ආරක්ෂක වි.ජේ.රුක්ෂාන් මහතා පවසනවා.
එම රක්ෂිතයට යාබදව පිහිටි දික්ඔය බට්ල්ගල වතුයායේ ලඳු කැලෑවකට කිසියම් පිරිසක් විසින් ඊයේ (09) දින පස්වරුවේ තැබූ ගින්න සිංගිමලේ රක්ෂිතය දක්වා පැතිර ගිය බවත්,රක්ෂිතය තුළ පැතිර ගිය ගින්නේන් අක්කරයක පමණ කොටසක් ගිනිගෙන විනාශ වූ බව වි .ජේ.රුක්ෂාන් මහතා සඳහන් කළා.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින දැඩි වියළි කාලගුණයත් සමග ඇතැම් පිරිස් සතුන් දඩයම් කිරීමට සහ විනෝදාස්වාදය සඳහා මෙවැනි ගිනිතැබීම් සිදු කරන බවයි එම නිලධාරීවරයා සඳහන් කළේ.
එසේ ගිනිතබන පුද්ගලයන් පිළිබඳ තොරතුරු වෙතොත් තම කාර්යාලයේ දුරකථන අංකයට (051 2222580) හෝ ළඟම ඇති පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙස හැටන් වන අඩවි නිලධාරිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියා.