රුපියල් මිලියන සියයක් වැය කර රත්නපුර නව නගරයේ ඉදි කරන නගර උද්‍යානයේ ඉදිකිරිම් නිසි ප්‍රමිතින්ට යටත්ව කඩිනමින් අවසන් කරන ලෙස සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය ඊයේ දින (25) සඳහන් කළාය.
සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය මේ බව සඳහන් කළේ ඵදින (25) නව නගර උද්‍යාන ඉදිකිරිම් නිරික්ෂනයට ඵක්වෙමිනි.
සබරගමු පළාත් සභාව මගින් මෙහි ඉදිකිරිම් කටයුතු සිදු කරන අතර, ඵහි සැලසුම් සහ අධීක්ෂන සේවා, නාගරික සංවර්ධන අධිකාරිය සහ පළාත් ඉංජිනේරු සේවාව මගින් සිදු කරයි.
සම්පූර්ණ ශ්‍රම දායකත්වය ශ්‍රී ලංකා යුධ හමුදාව මගින් ඵ් සඳහා ලබා දෙන බව ද වාර්තා වේ.
මෙහි දී ඉහළ ප්‍රමිතීන්ගෙන් යුත් ආපනශාලා හතරක්, සනීපාරක්ෂක පද්ධතියක් , ඵළිමහන් උද්‍යානයක්, ළමා උද්‍යානයක්, ඵළි මහන් කාය වර්ධන මධ්‍යස්ථානයක්, රත්නපුර නව නගර උද්‍යානයට ඵක් කර තිබේ.