අද (07) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර ඉන් පිටව ගොස් තිබුණා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පසුගිය දා ඇප හිමිවූ ඩේසි ෆොරස්ට් නොහොත් ඩේසි ආච්චි නැමති සිය මිත්තණිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු පැමිණ බව පවසා සිටියා.
එහි දී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න වලට ප්‍රශ්නවලට පිලිතුරු දුන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසා සිටියේ මෙලෙසිනි.
ආණ්ඩුව කෙදිරි ගාන්න ගාන්න අපිව ප්‍රශ්න කරන්න සි අයි ඩී වලින් කැදවනවා. ආණ්ඩුව ඊට පස්සෙ හිතනවා අපි කෙදිරි ගායි කියලා. මම නම් කියන්නේ අපි වගේ නෙවෙයි ජනතාවට කෙදිරි ගාන්න ආණ්ඩුව ආර්ථිකය වට්ටන්න ඒපා කියලයි. රටේ ජනතාවට පොරොන්දු ඉෂ්ට කරන්න පොරොන්දු වුණා නම් එක ඉෂ්ට කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. රටේ ජනතාවගේ ප්‍රශ්න මගඅැරගන්න ලේසිම මේක කියල හිතනවා. එයාලා රාජපක්ෂලා ගැන හොය හොය ඉන්නවා මිසක් මේ තියන අභියෝග වලට ජනාදිපතිතුමා මුහුණ දෙන්නෙ කොහොමද කියල දන්නෙ නැ. නින්දෙන් නැගිට්ටා වගේ කමිටු පත් කරනවා. මීට කලින් ඉදන් පාර්ලිමේන්තුවේ මේ ගැන සාකච්ඡා උනා ඒත් ඒ වෙලාවේ ඒකට නිසි තීරණයක් ගත්තේ නැහැ.
ආණ්ඩුවට සැලැස්මක් නෑ. අපිව හිරේ දාල රාජ්‍ය පාලනය අරගෙන යන්න තමා හිතන්නෙ. අපිට හොරා කිය ලා හන් වඩු ගහනවා. ඒ නාමය අයින් කරගන්න නම් මට වැඩි පුර මෙතනට ඒන්න වෙනවා. මට මෙතනට එන එක ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ ජනතාවගේ බදු මුදල් , නිලධාරින්ගේ කාලය ශ්‍රමය මේ හැම දෙයකින්ම සිද්ද වන්නේ ජනතාවගේ බදු මුදල් වියදම් වෙන එක.