තැපැල් ඡන්ද සලකුණු කිරීමේදී රාජකාරි හැඳුනුම්පත භාවිත නොකිරීමට අවසර ලබා නොදෙන බව මැතිවරණ කොමිසම විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.
මීට පෙර ඒ අවස්ථාව ලබා දුන්න ද එහිදී මතුවන ගැටලු හේතුවෙන් මෙම තීරණය ගත බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.
ඒ අනුව
- ජාතික හැඳුනුම්පත
- වලංගු රියදුරු බලපත්‍රය
- වලංගු විදේශ ගමන් බලපත්‍රය
- මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන තාවකාලික හැඳුනුම්පත
- ජාතික හැඳුනුම්පත වෙනුවට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරනු ලබන තොරතුරු තහවුරු කිරීමේ ලිපිය.
යන පිළිගත් ලියවිලි අතරින් ඕනෑම එකක් ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙන බවයි එම නිවේදනයේ සදහන්ව ඇත්තේ.
තැපැල් ඡන්ද විමසීමේ කටයුතු අනිද්දා (24) ආරම්භ වන අතර 25, 28 සහ 29 යන දිනවලදී ද තැපැල් ඡන්ද සළකුණු කිරීමට හැකියි.