සැලසුම් කළ පරිදි ‘සිරි දළදා වන්දනාව’ එළැඹෙන අප්‍රේල් 27 වනදා දිනෙන් අවසන් කිරීමට තීරණය කර තිබෙ.
ඒ බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසා තිබේ.
දියවඩන නිලමේවරයා අද (25) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව පවසා සිටියේය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ දියවඩන නිලමේවරයා,
“අපි සැලසුම්කළ ප්‍රමාණයට වඩා බැතිමතුන්ට වන්දනාකරගැනීමට භාග්‍ය උදාවී තිබෙනවා.
දළදා වහන්සේ වන්දනා කරගැනීම සඳහා දිවයිනේ නොයෙකුත් ප්‍රදේශවලින් පැමිණෙන බැතිමතුන් නිසාම අද මහනුවර ප්‍රදේශයම පුදුමාකාර ජනාකීර්ණ තත්ත්වයකට පත්වෙලා.
මේ හේතුවෙන් දළදා වහන්සේ වන්දනා කරගැනීමට තිබෙන ඉඩකඩවල අඩුවක් පවතිනවා.
ඒ වගේම පාරිසරික වශයෙන් වගේම සනීපාරක්ෂක වශයෙන්ද පහසුකම් සපයාදීමේ අවහිරතාවයන්ට මුහුණදෙන්න සිදුවුණා.
එනිසා මහජනතාවගේම පහසුව තකා මෙම වන්දනාවාරය කලින් නියමකරගත් පරිදිම අප්‍රේල් 27 දක්වා පමණක් පැවැත්වීමට තීරණය කරනු ලැබුවා”.