අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව සමගි ජන බලවේගයෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.
ඒ පසුගිය තුන්වෙනිදා රාත්‍රීයේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් රැලියක් අමත්මින් කල ප්‍රකාශයක් සම්බන්ධවයි.
” අපිට තියෙන්නෙ තව පැය 4යි ඔබලා ඉවර වෙලා යන ගමන් ජංගම දුරකතන වලින් ඔනෑම දෙයක් කරන්න ”
යන ප්‍රකාශය මැතිවරණයට බාධාවක් බව චෝදනා කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා ඇතුළු පිරිසක් අද පස්වරුවේ මැතිවරණ කොමිසම වෙත ගොස් පැමිණිල්ලක් ලබා දී තිබේ.