වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරන පරිදි මෙරට රත්‍රන් මිල රුපියල් 6000කින් පමණ පහළ ගොස් තිබේ.
ඒ අනුව අද (14) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 240,500ක් දක්වා පහළ ගොස් තිබේ.
පසුගිය සෙනසුරාදා දිනයේ දී එය දැක්වුණේ රු. 246,000ක් ලෙසය්.
කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ සෙනසුරාදා රු. 266,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 260,000ක් දක්වා පහත වැටී ඇති බවයි.