රුපියල් ලක්ෂ 10 ක මුදලකට විකිණීමට සූදානම් කර තිබූ වාලම්පුරි 02ක් සමඟ සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 23 ත් 26 ත් අතර වයස්වල පසුවන අතර ඇල්පිටිය, බදුගිරිය සහ හම්බන්තොට ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. ජාඇළ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට විසින් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් පොලීසිය පවසයි.