2025 වසරේ මේ දක්වා කාලය තුළ සිදුවූ මාරක රිය අනතුරු 944කින් පුද්ගලයින් 1007 දෙනෙකු මියගොස් තිබෙන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පවසා සිටියා.
ඔහු මේ බව පැවසුවේ අද (19) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි
පොලීසිය විසින් රිය අනතුරු පාලනය කර ගැනීම සඳහා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම, අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කරන්න සෙවීමේ මෙහෙයුම් ඇතුළු විවිධ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ.
ඒ අනුව, ජනවාරි පළමු වෙනිදා සිට මැයි මස 18 වන දින දක්වා කාලය තුළ බීමත් රියදුරන් 26,413ක් නීතිය හමුවට ඉදිරිපත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.