මෙරට ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තශාලා පවත්වාගෙන යාම මේ වන විට දැඩි අර්බුදකාරී තත්ත්වයන් යටතේ සිදු වන බව ඇඳුම් නිෂ්පාදකයෝ පවසති.
එයට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ මසා නිම කළ ඇඳුම් මහා පරිමාණයෙන් ආනයනය කිරීමයි.
තුවා මෙරටට ආනයනය කළ නොහැකි වුවත්, තුවා මසන රෙදි රෝල් ආනයනය කිරීමට තහනමක් නොමැති බවද ඔවුහු වැඩි දුරටත් පැවසුවා . ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ඊයේ (19 වැනිදා) පැවැති වැඩසටහනකට එක් වෙමින් ඔවුන් මේ බව කියා සිටියා.