2025 -2029 දුෂණ විරෝධී ජාතික සැලැස්ම අනුව රාජ්‍ය ආයතනවල සිදුවන සේවා සැපයීම සම්බන්ධයෙන් වන විමසීම් හා පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා එම ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීම මේ වනවිට ආරම්භ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශය පවසන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි නිකුත් කර ඇති ජනාධිපති ලේකම් කාර්යාල චක්‍රලේඛනයේ උපදෙස් අනුව එය ක්‍රියාත්මක වන බවය.
ඒ අනුව ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ අභ්‍යන්තර කටයුතු ඒකකයක් පිහිටුවීම ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තාගේ ප්‍රධානත්වයෙන් සිදුකර ඇති බව සඳහන්ය.
මෙවැනි ඒකකයක් පිහිටුවීමේ මුලික අරමුණ වන්නේ ආයතනය තුළ දුෂණය අවම කිරීම සහ සුපිළිපන් බව ඉහළ නැන්වීම වන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
මෙමඟින් දුෂණ අවදානම් හඳුනාගැනීම, අවදානම් තක්සේරු කිරීම, ආරක්‍ෂක විධිවිධාන වැඩි දියුණු කිරීම වැනි කරුණු අධීක්‍ෂණය කෙරෙන අතර සමස්ත ක්‍රියාවලිය පිළිබඳ සම්පුර්ණ වාර්තාවක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත හා අල්ලස් හෝ දුෂණ මර්දන කොමිෂන් සභාව වෙත වාර්ෂිකව ඉදිරිපත් කිරීම කළ යුතු බව සඳහන්ය.
- අද දෙරණ