දින නියමයක් නොමැතිව ඇඟලුම් කර්මාන්ත ශාලාවක් වසා දමා තිබෙන බව විශ්වාසදායක ආරංචි මාර්ගයකින් වාර්තා වුණා.
මෙය එංගලන්තයේ අයෝජන ව්‍යාපෘතියක් ලෙස වසර 40කට අධික කාලයක් මෙරට පවත්වාගෙන ගිය ඇඟලුම් කර්මාන්ත ශාලාවක් බවයි එම ආරංචි මාර්ග පැවසුවේ.
කිසිඳු පූර්ව දැනුම්දීමකින් තොරව වසා දමා ඇති මෙම කර්මාන්තශාලාවේ සේවකයන් 1,400ක් පමණ සේවය කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ වන විටත් එම කර්මාන්තශාලාව ඉබි යතුරු දමා වසා දමා තිබෙන අතර වගකීමක් ඇති කිසිදු නිලධාරියෙක් එහි රැඳී නොසිටින බව සඳහන්.
මෙලෙස කර්මාන්තශාලාව වසා දැමීමත් සමඟ එහි සේවයේ නියුතු වූ පිරිස් මෙන්ම වක්‍ර ආදායම් මාර්ග සකසා ගත් පිරිස්ද අසරණ වී ඇති බව වාර්තා වෙනවා.