දිවයින පුරා ඉන්ෆ්ලුවන්සා සහ කොවිඩ්-19 වෛරසයේ ප්‍රභේදයක් ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවයක් පවතින බවට සෞඛ්‍ය සේවා ප්‍රවර්ධන කාර්යාංශය විසින් අනතුරු අඟවා තිබෙනවා.
ඒ අනුව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය විසින් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබෙන්නේ මෙම තත්ත්වය හමුවේ, කාර්යාල පරිශ්‍ර තුළ මෙන්ම මහජනතාව ගැවසෙන සියලු පොදු ස්ථානවලදී මුඛ ආවරණ පැළඳීම පිළිබඳව කාර්ය මණ්ඩල දැනුවත් කරන ලෙස යි.
බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) බී.එන්.දම්මින්ද කුමාර මහතාගේ අත්සනින් යුතුව යොමු කර ඇති ලිපියකින් මෙම උපදෙස් ලබාදී තිබෙනවා.
මෑතකදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ෆ්ලුවන්සා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර, කොවිඩ්-19 හි නව ප්‍රභේදයක්ද ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවයි සෞඛ්‍ය සේවා ප්‍රවර්ධන කාර්යාංශයේ අනතුරු ඇඟවීමින් දන්වා සිටින්නේ.
මෙම තත්ත්වය හේතුවෙන්, රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මුඛ ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම සහ නිසි සනීපාරක්ෂක රීති අනුගමනය කිරීම ඉතා වැදගත් බව සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කරයි.