ගත වූ පැය 24ක කාලය තුළ ගාසා තීරයේ හටගත් යුද ගැටුම්වලින් පුද්ගලයින් 140 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් වාර්තා පල කර සිටිනවා.
ඊශ්‍රායල ගුවන් ප්‍රහාර සහ වෙඩි තැබීම් හමුවේ මෙලෙස පුද්ගලයන් වැඩි දෙනෙකු මිය ගොස් ඇති බවයි එම විදෙස් වාර්තා වල තිබුණේ.
එමෙන්ම මධ්‍යම ගාසා තීරයේ සලාහුදීන් මාර්ගයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගෙන එන ලද ආධාර ට්‍රක් රථවලින් ආහාර ලබාගැනීමට බලා සිටි ජනතාවට සිදුකළ වෙඩි තැබීම්වලින් 14 දෙනෙකු මියගොස් ඇති බවත් වාර්තා වනවා.