ඉරානය විසින් ඊශ්‍රායලයේ අසාධ්‍ය රෝගීන් ප්‍රතිකාර ගන්නා රෝහල් සංකීර්ණයකට පහර දී තිබෙන බව විදෙස් වාර්තා සදහන් කර තිබුණා.
දකුණු ඊශ්‍රායලයේ විශාලතම රෝහලට මෙලෙස පහර දී ඇති බවයි ඉරාන හමුදාව විසින් පවසා තිබුණෙ. එමෙන්ම සුළු තුවාල ලැබූ රෝගීන් කිහිප දෙනෙකුට ප්‍රතිකාර කරන බව රෝහල පැවසීය.
කෙසේ වෙතත් ඊශ්‍රායල් අගමැති මේ සම්බන්ධයෙන් දැඩි ප්‍රතිචාරයක් දැක්වීමට නියෝග කළ බවයි එරට ආරක්ෂක අමාත්‍යවරයා පවසා තිබෙන්නේ..
අද 19 උදෑසන 6 ට පමණ ඊශ්‍රායල යුධ ගුවන් යානා අරක් න්‍යෂ්ටික මධ්‍යස්ථානයට පහර දුන් බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළ නමුත් ප්‍රහාරයෙන් පසු බරපතල හානියක්, ජීවිත හානි හෝ විකිරණ වාර්තා වී නොමැති බව පැවසීය. ප්‍රහාර ගැන කරදර වීමට කිසිදු හේතුවක් නොමැති බව ඉරාන නිලධාරීන් කිහිප දෙනෙකු ඉරාන ජනතාවට සහතික කළ බව තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සියේ වාර්තාවේ සඳහන් වේ. අරක්හි අක්‍රිය ප්‍රතික්‍රියාකාරකයක් ඇතුළුව ඉරානයේ ඉලක්ක ගණනාවකට ප්‍රහාර එල්ල කරන බව ඊශ්‍රායල හමුදාව මීට පෙර පැවසීය.