• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025
in දේශීය, පුවත්
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

කර්මාන්ත අමාත්‍යංශයේ ක්‍රියාකාරිත්වය සහ දිස්ත්‍රික් මට්ටමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම පිළිබඳව විශේෂ හමුවක් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා හා නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.

මෙම හමුව සඳහා ලංකාව සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා අමාත්‍යවරයාගේ හා නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය එක්ව සිටි අතර මෙහි ප්‍රමුඛතාවය වන්නේ දිස්ත්‍රික්වලට අදාළ මන්ත්‍රීවරුන් 25 දෙනාගේ මැදිහත්වීම යටතේ එම දිස්ත්‍රික්වලට අදාළ ගැටළු විසදීමේ යාන්ත්‍රණයන් දියත් කිරීමයි.

🟢 කර්මාන්ත ප්‍රවර්ධන කමිටු සහ ඒවායේ ක්‍රියාකාරිත්වය

මේ වනවිට අමාත්‍යාංශය මඟින් දිස්ත්‍රික් මට්ටමින් ‘කර්මාන්ත කමිටුව’ පිහිටුවීම ක්‍රියාත්මක කර ඇති අතර එම කමිටුවලට දිස්ත්‍රික් ප්‍රධාන නිලධාරීන් (දිස්ත්‍රික් ලේකම්, ආණ්ඩුකාරවරයා, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති) සහභාගී වේ.

තවද ප්‍රාදේශීය ලේකම් මට්ටමින්ද ප්‍රාදේශීය කර්මාන්ත කමිටු පවතින අතර, ඒවා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා විසින් මෙහෙයවනු ලැබේ.

මෙම කමිටුවලට කර්මාන්ත නිලධාරීන්, පළාත් කර්මාන්ත අධිකාරීන්, IDB (කර්මාන්ත සංවර්ධන මණ්ඩලය), NEDA (ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය), SED (කුඩා ව්‍යාපාර අංශය), අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), ශිල්ප සභාව වැනි ආයතනවල නිලධාරීන් සහභාගී වෙයි. ඊට අමතරව, වාණිජ මණ්ඩල, බැංකු, UDA (නගර සංවර්ධන අධිකාරිය), ඉඩම් අමාත්‍යාංශය, (බලශක්ති කමිටුව) වැනි කර්මාන්ත සඳහා යටිතල පහසුකම් සපයන සියලුම ආයතන කැඳවිය හැකිය.

මෙම කමිටුවල ප්‍රධාන අරමුණ වන්නේ කර්මාන්ත ආශ්‍රිත ගැටලු (ඉඩම් ගැටලු, අමුද්‍රව්‍ය ප්‍රවාහන ගැටලු, බැංකු ණය ගැටලු, බලශක්ති ගැටලු) ප්‍රාදේශීය මට්ටමින් විසඳා ගැනීමයි.

ඒ අනුව ප්‍රාදේශීය මට්ටමින් විසඳා ගත නොහැකි ගැටලු දිස්ත්‍රික් කමිටුවට ඉදිරිපත් කළ යුතු අතර, එහිදීද විසඳාගත නොහැකි ගැටලු අමාත්‍යාංශයට යොමු කළ යුතුය.

🟢 අමාත්‍යාංශයේ කාර්යභාරය සහ උපදේශක කමිටු

කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යභාරය වන්නේ කර්මාන්ත සඳහා පහසුකම් සැලසීම මිස, කර්මාන්ත කිරීම නොවේ. බදු ගැටලු, ආනයන/අපනයන ගැටලු වැනි ප්‍රතිපත්තිමය ගැටලු විසඳීම මෙහිදී අමාත්‍යාංශය විසින් සිදු කරයි.

කර්මාන්ත අංශය සඳහා උපදේශක කමිටු (Advisory Committees) 24ක් පමණ පවතින අතර (උදා: ඇඟලුම්, ආහාර, බෝට්ටු නිෂ්පාදනය, කුළුබඩු, වාහන නිෂ්පාදනය, භාණ්ඩ නිෂ්පාදනය). මෙම කමිටු අදාළ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතන සහ වාණිජ මණ්ඩලවල නියෝජිතයන්ගෙන් සමන්විත වේ. මෙම කමිටු මගින් ප්‍රතිපත්තිමය කරුණු (VAT, ආනයන/අපනයන නීති) සාකච්ඡා කර ප්‍රතිපත්තිමය තීරණ ගනු ලබන අතර, ඒවා අමාත්‍යාංශය, කැබිනට් මණ්ඩලය, මුදල් අමාත්‍යාංශය හෝ වෙළඳ අමාත්‍යාංශය වෙත යොමු කරනු ලැබේ.

🟢 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කළ යුතු ප්‍රධාන කාර්යයන්

මන්ත්‍රීවරුන් දෛනික, ග්‍රාමීය මට්ටමේ ගැටලු (ණය, දේපල, ව්‍යාපාරික ගැටලු) විසඳීම වෙනුවට, ප්‍රතිපත්තිමය මට්ටමේ ගැටලු විසඳීමට යොමුවිය යුතු බව අවධාරණය කෙරේ. ග්‍රාමීය ගැටලු ප්‍රාදේශීය මට්ටමේ කමිටු මගින් විසඳාගත යුතු අතර, අමාත්‍යාංශයට යොමු කළ යුත්තේ එසේ විසඳාගත නොහැකි ප්‍රතිපත්තිමය ගැටලු පමණි.

🟢 මන්ත්‍රීවරුන් ප්‍රාදේශීය මට්ටමින් කළ යුතු ප්‍රධාන කාර්යයන්:

විශාල ව්‍යාපෘති දියත් කිරීම: විශාල රැකියා අවස්ථා ගණනක් ඇති කරන විශාල ව්‍යාපෘති (උදා: ඇගළුම් කම්හලක්, කාර්මික කලාපයක්) ආරම්භ කිරීමට කටයුතු කිරීම.

නිෂ්ක්‍රීය ඉඩම් සහ ගොඩනැගිලි භාවිතය: රජයට අයත් නිෂ්ක්‍රීය හෝ වගා නොකරන ඉඩම් සහ ගොඩනැගිලි කර්මාන්ත කටයුතු සඳහා යොදා ගැනීමට හඳුනාගෙන අමාත්‍යාංශයට යෝජනා ඉදිරිපත් කිරීම.

නිෂ්ක්‍රීය කාර්මික ජනපද නැවත සක්‍රීය කිරීම: දැනටමත් පවතින කාර්මික ජනපදවල නිෂ්ක්‍රීයව පවතින කර්මාන්තශාලා හෝ ඉඩම් සොයා බලා, ඒවා නැවත සක්‍රීය කිරීමට හෝ නව ව්‍යාපාරිකයන්ට පැවරීමට පහසුකම් සැලසීම. (මෙහිදී අදාළ පාර්ශ්වයන් අතර ගිවිසුම් අමාත්‍යාංශය හරහා ඇති කර ගත හැකිය.)

අධ්‍යයන වාර්තා සකස් කිරීම: ඉහත සඳහන් කරන ලද ඉඩම් සහ ව්‍යාපාර පිළිබඳ දත්ත සහ වාර්තා සකස් කර අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කිරීම.

එක් එක් දිස්ත්‍රික්ක වලට අදාළව කර්මාන්ත අමාත්‍යංශය සම්බන්ධීකරණය සිදුකරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පහත දැකවේ.

🟣 වසන්ත පියතිස්ස මහතා – අම්පාර දිස්ත්‍රික්කය.

🟣 උපාලි සමරසිංහ මහතා – වවුනියාව දිස්ත්‍රික්කය.

🟣 ඔෂානි උමංගා මහත්මිය – කළුතර දිස්ත්‍රික්කය.

🟣 නන්දන පද්ම කුමාර මහතා – කළුතර දිස්ත්‍රික්කය.

🟣 අජන්ත ගම්මැද්දගේ මහතා – මාතර දිස්ත්‍රික්කය

🟣 ටී. කේ. ජයසුන්දර මහතා – ගාල්ල දිස්ත්‍රික්කය

🟣 රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා – යාපනය දිස්ත්‍රික්කය.

🟣 වෛද්‍ය සෙල්ලතම්බි තිලකනාදන් මහතා – මුලතිව් දිස්ත්‍රික්කය

🟣 අරුණ පනාගොඩ මහතා – කොළඹ දිස්ත්‍රික්කය.

🟣 කන්දසාමි ප්‍රභූ මහතා – මඩකලපුව දිස්ත්‍රික්කය

🟣 පද්මසිරි බණ්ඩාර මහතා – පොළොන්නරුව දිස්ත්‍රික්කය.

🟣 රවීන්ද්‍ර බණ්ඩාර මහතා – බදුල්ල දිස්ත්‍රික්කය.

🟣 විජේසිරි බස්නායක මහතා – කුරුණෑගල දිස්ත්‍රික්කය.

🟣 සුනිල් රාජපක්ෂ මහතා – රත්නපුර දිස්ත්‍රික්කය.

🟣 දීප්ති වාසලගේ මහත්මිය – මාතලේ දිස්ත්‍රික්කය.

🟣 රුවන් විජේවීර මහතා – මොනරාගල දිස්ත්‍රික්කය.

🟣 අතුල වෙළඳගොඩ මහතා – හම්බන්තොට දිස්ත්‍රික්කය.

🟣 චම්පික හෙට්ටිආරච්චි මහතා – ගම්පහ දිස්ත්‍රික්කය.

🟣 මුහම්මද්  ෆයිසාල් මහතා – පුත්තලම දිස්ත්‍රික්කය.

🟣 තිළිණ සමරකෝන් මහතා – අනුරාධපුර දිස්ත්‍රික්කය.

🟣 රොෂාන් අක්මීමන මහතා – ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය.

🟣 තනුර දිසානායක මහතා – මහනුවර දිස්ත්‍රික්කය.

🟣 මංජුල සුරවීර මහතා – නුවරඑළිය දිස්ත්‍රික්කය.

🟣 ආර්. එම්.  සමන්ත රණසිංහ මහතා  – කෑගල්ල දිස්ත්‍රික්කය.

🟣 එම්. ජෙගදීස්වරන් මහතා – මන්නාරම දිස්ත්‍රික්කය.

🟣 ඉලන්කුමාරන් මහතා – කිලිනොච්චි

Post Views: 3
Previous Post

තෙල් තියෙන්නේ අගෝස්තු වෙනතුරුයි – බලශක්ති ඇමති කියයි

Next Post

කෙහෙළියගේ දියණියට ඇප

Editor TTV News

Editor TTV News

Next Post
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved