• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඖෂධ හිඟය පිළිබඳ සාකච්ජාවක්

25 June 2025
in දේශීය, පුවත්
ඖෂධ හිඟය පිළිබඳ සාකච්ජාවක්
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

රජයක් ලෙස මෙරට ජනතාවට අත්‍යාවශ්‍ය ඖෂධ රජයේ රෝහල් පද්ධතිය මගින් අඛණ්ඩ ව ලබා දීමට කටයුතු කරන අතර එම ඖෂධ යම් අවස්ථාවන්වල දී රජයේ රෝහල් පද්ධතිය තුළ නොමැති විටෙක රෝගී ප්‍රතිකාර සේවාවන් අඛණ්ඩ ව පවත්වා ගෙන යාම සදහා එම ඖෂධ පූර්ණ විනිවිදභාවයෙන්, කඩිනමින් කටයුතු කර ප්‍රාදේශීයව මිල දී ගැනීමට කටයුතු කරන ලෙසත්, එහි දී සෞඛ්‍ය අමාත්‍යාංශය අවංක නිලධාරීන් වෙනුවෙන් නිරතුරුවම පෙනීසිටින බව රෝහල් බලධාරීන් හමුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා අවධාරණ කරයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අවධාරණ කර සිටියේ පසුගිය දා වෛද්‍ය සැපයීම් දේශීය ව මිල දී ගැනීම් සම්බන්ධව දැනුවත් කිරීමේ එක්දින වැඩමුළුවකට එක්වෙමිණි. එම වැඩමුළුව  කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය අංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

රජයේ රෝහල් පද්ධතිය තුළ යම් යම් අවස්ථාවන්හි දී ඇතිවන ඖෂධ හිඟයට විසදුම් සෙවීමට කටයුතු කිරීම මෙන් ම වර්තමාන ඖෂධ කළමනාකරණ පද්ධතිය වන “ස්වස්ථා” පද්ධතිය හරහා සිදුවන මිල දී ගැනීම් සහ එම  කටයුතුවල දී  පැන නගින ප්‍රායෝගික ගැටළුවලට විසදුම් සෙවීම මූලික කරගනිමින් මෙම වැඩමුළුව පවත්වන ලදි.

ඖෂධ දේශීය ව මිල දී ගැනීම් පිළිබඳව නිවැරදි අවබෝධයක් සමහර සෞඛ්‍ය ආයතනභාර නිලධාරීන්ට නොමැති බව මෙහි දී අවධාරණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, දේශීය මිල දී ගැනිම් සම්බන්ධව 2023 මාර්ගෝපදේශයක් සකස් කර ඇති බවත්, ඒ තුළින් රෝහලක් තුළ බාහිර රෝගී අංශයේ රෝගීන්ට, සායන රෝගීන්ට ඇතුළු විවිධ අවස්ථාවල ඖෂධ මිල දී ගැනීමේ ක්‍රියාවලිය සිදුවන ආකාරය පිළිබඳ පැහැදිලිව පෙන්වා දී ඇති බව පැවසී ය.

මේ සියල්ලටම නීතිමය රැකවරණය ලබා ගැනීම සදහා නිසි කලට ඖෂධ සමාලෝචන කමිටු ඒ ඒ රෝහල්වල පැවැත්විය යුතුව තිබෙන බව ද සඳහන් කළ ඇමතිවරයා ඒ බව මාර්ගෝපදේශයේ සදහන් බවත්, තමන් පෞද්ගලිකව සොයා බැලීමේ දී බොහෝ රෝහල්වල එම කටයුතු නිසි ආකාරයට සිදු නොවන තත්ත්වයක් පවතින බව පෙනී ගියේ යැයි ද පැවසී ය.

රෝහල් මට්ටමින් එක් එක් අංශ ගත් විට ඒ ඒ අංශවලට අවශ්‍ය  ඖෂධ වර්ග තෝරාගෙන ඖෂධ අටසිය හැට ගණනක සහ ශල්‍ය උපකරණ දොළොස් දහස් ගණනකින් යුතු  ජාතික ලැයිස්තුව සකස් කරන බවත්, ඒ සියල්ල විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනවලින් විමසා මාර්ගෝපදේශයන්ට අනූව නම් කරන ලද ඖෂධ එම ලැයිස්තුවට ඇතුළත් කර තිබෙන බව මෙහි දී පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, සමහර විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරුන් ඉන් එහා ගිය ඖෂධ නිර්දේශ කරන බවත්, එම ඖෂධ ලැයිස්තුවේ නොමැති වීම හේතුවෙන්  එම ඖෂධ ද ඖෂධ හිඟය යන පැත්තට වැටෙන හෙයින් ඖෂධ හිඟය පිළිබඳ ගැටළුවේ දී එයත් ප්‍රධාන ගැටළුවක් වන බව ද වැඩිදුරටත් පැවසී ය.

පෞද්ගලික අංශයේ ඖෂධ සඳහා මිල නියාමනයක් මේ වන විට නොමැති බව පෙන්වා දුන් අමාත්‍යවරයා වත්මන් රජය බලයට පත්වීමෙන් පසු ඖෂධ මිල නියාමන යාන්ත්‍රණයක්  සකස් කරමින් සිටින බවත්,  ඉදිරියේ දී පෞද්ගලික ඔසුසැල්වල ඖෂධ ද මිල නියාමනයකට ලක් කරන බව ද පැවසී ය. මෙය සිදු කිරීමෙන් පසු ව ප්‍රාදේශීය මිල දී ගැනීමේ ක්‍රියාවලියට ද පහසුවක් වන බව ද අමාත්‍යවරයා තවදුරටත් පැවසී ය.

  • LNW

Post Views: 7
Previous Post

ඉන්ධන හිඟය ගැන සංස්ථාවෙන් ආ අලුත්ම පණිවිඩය

Next Post

අධිවේගයට සැප බස් 200 ක්

Editor TTV News

Editor TTV News

Next Post
අධිවේගයට සැප බස් 200 ක්

අධිවේගයට සැප බස් 200 ක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බස් ගාස්තුව ගැන රජයේ තීරණය

බස් ගාස්තුව ගැන රජයේ තීරණය

25 June 2025
ආනයනික ද යන්න තහවුරු කිරිමට නොහැකි රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීමට නියෝග

ආනයනික ද යන්න තහවුරු කිරිමට නොහැකි රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීමට නියෝග

25 June 2025
වසර 07කට පසු රාජ්‍ය සේවයට සිදු කරන්න යන වෙනස

වසර 07කට පසු රාජ්‍ය සේවයට සිදු කරන්න යන වෙනස

25 June 2025
ප්‍රේමය ගැන ලොවට කියා දුන් ඔහු, ඇය සොයා නික්ම ගිය වගයි !!!

ප්‍රේමය ගැන ලොවට කියා දුන් ඔහු, ඇය සොයා නික්ම ගිය වගයි !!!

25 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බස් ගාස්තුව ගැන රජයේ තීරණය

බස් ගාස්තුව ගැන රජයේ තීරණය

25 June 2025
ආනයනික ද යන්න තහවුරු කිරිමට නොහැකි රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීමට නියෝග

ආනයනික ද යන්න තහවුරු කිරිමට නොහැකි රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීමට නියෝග

25 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved