• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ප්‍රේමය ගැන ලොවට කියා දුන් ඔහු, ඇය සොයා නික්ම ගිය වගයි !!!

25 June 2025
in දේශීය, විශේෂාංග, වෙනත්
ප්‍රේමය ගැන ලොවට කියා දුන් ඔහු, ඇය සොයා නික්ම ගිය වගයි !!!
0
SHARES
66
VIEWS
Share on FacebookShare on Twitter

හසිනි ශෂිකලා රාජපක්ෂ… ඇයගේ රූපය සහ ඇගේ හඬ ඔබට බොහොම සමීප ඇති.

2020 වසරේදී හසිනි ශෂිකලා සිය ජීවන ගීතය ගයා අවසන් කරන්නේ, රුදුරු පිළිකා මාරයාට දිනුම අත්කර දෙමින්.

ඈ එලෙස අවසන් ගමන් ගියද ඇගේ මතකය අදට ද ජීවමාන‍යි.

හසිනිගේ සොඳුරු හඬ ‘සිහිනයකි රෑ’ ‘මනමාල හැන්දෑව’ ගීතමය වේදිකාවන් තුළින් ද, සමාජ මාධ්‍ය ඔස්සේ ද ඔබ අසා ඇතුවාට සැක නෑ.

ඈ ප්‍රවීණ ගායන ශිල්පි කීර්ති පැස්කුවෙල් මහතා සමඟ ගීතවත් වීමට ද භාග්‍යවන්ත වීම විශේෂයි. එහි සුවිශේෂී ම කාරණය නම්, පිළිකා රෝගයේ වේදනාවන් දරාගෙන ගී ගැයීමට ඇය සමත්කම් දැක්වීමයි.

හසිනිගේ ජීවන ගමන ,සොඳුරු ආදර කතාවක් මැදින් ගලා ගිය එකක් කිවහොත් නිවැරදියි.

ජීවත්ව සිටියදීත්, මියගිය පසුවත් ඇය වෙනුවෙන්ම ගැහුණු හදවතකි. ඔහු අසේල චානක රාජපක්ෂයි.

තමන්ගේ බිරිඳට ඇති පිළිකා රෝගී තත්ත්වයෙන් ඇයව කෙසේ හෝ සුව කිරීමට අසේල මුළු ජීවිතයම කැපකළ බව කිසිවෙකුට නොරහසක්.

එක් දවසක් හරි තමන්ගේ බිරිඳව වැඩියෙන් ජීවත් කරන්නට ඔහු දැරූ වෙහෙස සහ ඇයව සතුටින් තියන්නට ඔහු දැරූ වෙහෙස ඒ දවස්වල සමාජ මාධ්‍යයේ පවා දැඩි කතාබහට ලක්වුණා.

එහෙත් ඔහුව අසරණ කරමින් ඇය ජීවිතයට සමු දුන්නා. ඇය නැති ජීවිතයෙන් කවර ඵලක් ද යැයි සමහර විට ඔහුත් සිතන්න ඇති.

ඉතින් දරුණු රෝගයක් තිබියදීත් ඇයට මහා ශක්තියක් වූ ඔහු අද උදෑසන හදිසි හෘදයාබාධයක් නිසා ජීවිතයෙන් සමු ගෙන ඇත්තේ බොහෝ දෙනෙක් හඬවමින්.

ඒ පිළිබඳව ලියවුණු සටහන් රැසක් අතර, දයාන් විතාරණයන් තබන ලද සටහනයි මේ….

එම සටහන පහතින්,

“අසේල චානක මල්ලි, ඔබට නිවන දුරක නොවේවා’
මා මීට වසර 10’කට පමණ ප්‍රථමයෙන් මුහුණුපොත ඔස්සේ දැන හඳුනාගත් අසේල චානක රාජපක්ෂ, මුහුණුපොත හරහා මා හට ‘මහ රහතුන් වැඩි මග ඔස්සේ’ දම්දෙසුම් වැනි වටිනා බොහෝ ධර්ම කරුණු නිර්ලෝභීව සහ මහත් ඕනෑකමින් තිළිණ කළේය. එමෙන්ම ඔහු ගායකයෙක් ලෙස ද එකල නිකුත් කළ ගීතයක් මා වෙත ඔහු 2015 දී මුහුණුපොත ඔස්සේ ම එවන ලදී. ආචාර්ය සුජාතා අත්තනායක ගායනවේදිනිව ද මහත් ගෞරව භක්තියෙන් සමීපව ඇසුරු කළ ඔහු ඇගේ ඡායාරූපය ද අවැසි විට මගෙන් ඉල්ලාගෙන ඇත. 2019 වසරේ අග භාගයේ දී පමණ ඔහු මා දුරකථනයෙන් අමතා තම සෙනෙහවන්ත බිරිඳ පිලිකා රෝගයෙන් පෙළෙන බවත්, ඇය ඉතා හොඳින් ගී ගයන බවත්, දැනට දීගොඩ කුමාරයන් යටතේ ආධ්‍යාත්මික ප්‍රතිකාර ගනිමින් පසුවන බවත් මා හට පැවසීය. ඇය පැරසිටමෝල් පෙත්තක පවා රෝගීව සිටියදිත් නොගන්නා බව අසා මගේ සිතේ කුකුසක් ඇති වූ නමුදු මගේ ඒකායන පැතුම වූයේ සියලු දේ යහපත්ව ඇය ඉක්මන් සුව ලබන්නේ නම් ඒ කෙතරම් ආශ්චර්යයක් ද යන්න ය.
ඇගේ ගීතයන් ද මා හට අසේල විසින් අසන්නට එවා තිබූ අතර එම ගායනාවන් අසා මා ද ඇය සමග යුග ගීයක් ගැයීමට ප්‍රිය බව ඔහුට පැවසීය. මා හට “මල් රේණුවක්…….” ගීතය ලියූ නැසීගිය, රංජි අමරාවතී විසින් ම යුග ගීතයක් අප දෙදෙනාට ගැයුමට ලියා දුන් අතර මා එය අසේලට ලබා දීමෙන් මතු එය දේවින්ද පතිරාජ නම් අයෙක්ට සංගීතවත් කිරීමට භාර දුන් බව ද ඔහු මට පැවසීය. එහි අරුමය වන්නේ 2019 වසරේ නොවැම්බර් මස එම ගීතය ලියූ රංජි අමරාවතී ද රුදුරු පිළිකා රෝගයටම ගොදුරු වී අපෙන් අකාලයේ සමුගැනීම ය. අප ගැයීමට නියමිතව සිටි “හන්තාන පියස නම් සොඳුරුයි……” නැමැති ගීතය අප ගැයුවේ නම් එය ගෙවුණ පසුකාලයේ දී අසේලට වඩාත් ගැලපෙන පදරුත් සහිත බව මට සිතුණ අවස්ථා බොහෝ ය. එය අසේල සහ හසිනි ජීවන අන්දරයයි. එහෙත් නොගැයුණු ගීයක් ලෙස ඉතිහාසයට එක්වන එම ගීයෙහි පළමු සහ දෙවන යුග ඛණ්ඩයන් ඔබට මෙසේ අකුරු කරන්නේ එහි අනුවේදනීය බව පසක් කරනු පිණිස ය. පි : හන්තාන පියස නම් සොඳුරුයි මං තාම මෙතැන තනිකඩයි දැන් සීත සුළඟ යන්නට යයි ආයෙමත් මං තනිකඩයි ගැ : සංසාර නික්මණ මෙය නොවෙයි සංසාර මග තව බෝ දුරයි හන්තාන පියසේ මල් පිපෙයි හන්තානෙදිම අපි මුණ ගැසෙයි කීර්ති පැස්කුවෙල් අයියාගේ “මනමාල හැන්ඳෑව” ප්‍රසංගය දිනයේ මා හසිනි සහ අසේල දෙපළවම මුල්වරට සජීවිව දුටු අතර ප්‍රසංග අවසානයේ ඔවුන් පෙනෙන්නට නොසිටි බැවින් මා ගෙදරට පැමිණි වහාම අසේල ඇමතීය. එවිට ඔහු පැවසූවේ සෙනඟ බොහෝ රැස්ව සිටින ස්ථානයක ඇය රඳවාගෙන සිටීම අසීරු බැවින් ඔවුන් ඉක්මණින් ඉන් පිටත් වූ බව ය. එදින හසිනි නංගී ද මා සමගින් කතා කළ අතර ඇය පවසා සිටියේ තවත් ටිකක් සුව අතට හැරුණු විට අප එක්ව යුග ගීතය ගයමු කියාය. මේ අතර කාලය ගෙවී ගොස් මේ 2020 වසරේ මාර්තු 03 වනදා මා හට අසේලගෙන් ඇමතුමක් ලැබුණේ හසිනිට ආධ්‍යාත්මික ප්‍රතිකාර ලබාදෙන දීගොඩ කුමාරයන් ද අසනීප බැවින් ඇයට ප්‍රතිකාර කළ හැකි වෙනත් වෙදැදුරෙකු මගෙන් විමසාය. ඉන්පසු ඔහු මගේ නිවසට පැමිණි අතර එදින මගේ නිවසේ ප්‍රවීණ ගායක යුවලක් වන රූකාන්ත සහ චන්ද්‍රලේඛා යුවළ ද පැමිණ සිටියහ. එහිදී රූකාන්ත විසින් ද පියතුමෙක්ගේ සම්බන්ධතාවක් ඔහු හට පවසා සිටියේය. මා ද හැකි පමණින් ඇයගේ යහපත උදෙසා කළ හැකි සියල්ලක්ම සිදු කළෙමි. එදිනෙන් ඉනික්බිතිව යෙදුණ ඊළඟ සඳුදා දින ඇයට බොහෝ අසාධ්‍ය බව පවසා අසේල මා ඇමතු අවස්ථාවේ ඇය වේදනාවෙන් කෑගසන අයුරු මට ශ්‍රවණය විය. එය මා මහත් කම්පනයකට ලක් කළේය. ඇය එම සතියේ අඟහරුවාදා ප්‍රතිකාර ලබා බදාදාවේ ඇස් කණ්ණාඩි පරිත්‍යාග කරනු මා මුහුණුපොතින් දුටුවෙමි.

ඡායාරුපය සහ උපුටාගැනිම දයාන් විතාරණ ෆේස්බුක් පිටුවෙන්

Post Views: 67
Previous Post

අධිවේගයට සැප බස් 200 ක්

Next Post

වසර 07කට පසු රාජ්‍ය සේවයට සිදු කරන්න යන වෙනස

Editor TTV News

Editor TTV News

Next Post
වසර 07කට පසු රාජ්‍ය සේවයට සිදු කරන්න යන වෙනස

වසර 07කට පසු රාජ්‍ය සේවයට සිදු කරන්න යන වෙනස

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බස් ගාස්තුව ගැන රජයේ තීරණය

බස් ගාස්තුව ගැන රජයේ තීරණය

25 June 2025
ආනයනික ද යන්න තහවුරු කිරිමට නොහැකි රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීමට නියෝග

ආනයනික ද යන්න තහවුරු කිරිමට නොහැකි රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීමට නියෝග

25 June 2025
වසර 07කට පසු රාජ්‍ය සේවයට සිදු කරන්න යන වෙනස

වසර 07කට පසු රාජ්‍ය සේවයට සිදු කරන්න යන වෙනස

25 June 2025
ප්‍රේමය ගැන ලොවට කියා දුන් ඔහු, ඇය සොයා නික්ම ගිය වගයි !!!

ප්‍රේමය ගැන ලොවට කියා දුන් ඔහු, ඇය සොයා නික්ම ගිය වගයි !!!

25 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බස් ගාස්තුව ගැන රජයේ තීරණය

බස් ගාස්තුව ගැන රජයේ තීරණය

25 June 2025
ආනයනික ද යන්න තහවුරු කිරිමට නොහැකි රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීමට නියෝග

ආනයනික ද යන්න තහවුරු කිරිමට නොහැකි රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීමට නියෝග

25 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved