වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීමේ ඡන්ද විමසීම අද (27) පැවැත් වීමත් සමගම ඒ සදහා පැමිණෙමින් සිටි ජාතික ජන බලවේගය මන්ත්‍රීවරු දෙදෙනකු පැහැරගෙන ගොස් ඇති බවට පුවතක් වාර්තා වුණා.
මෙලෙස පැහැර ගැනීමට ලක්ව ඇත්තේ ජ.විපෙ. අජිත් ප්‍රියන්ත නැමැති මන්ත්‍රීවරයා සහ කමණි අල්විස් නමැති කාන්තාවකුයි.
ඒ හේතුවෙන් මේ වනවිටත් සභාව පැවැත්වීමට ඉඩ නොදෙන තත්ත්වයක් උද්ගතව තිබෙන අතර සභාව පිහිටු වීම මාසයකට කල් දමා තිබෙන බවයි වාර්තා වුණේ.
පැහැරගත් මන්ත්‍රීවරුන් දෙදෙනා නැවත පැමිණියහොත් පමණක් සභාවේ කටයුතු ආරම්භ කිරීමට යෝජනා වී ඇති බවද වාර්තා වනවා.
දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ සජබ පා. ම රෙහාන් ජයවික්‍රම ගේ පිරිසක් විසින් මෙම අවස්ථාවේදී වෙනත් මාලිමා මන්ත්‍රීන් දෙපලකට පහර දුන් බවයි
කෙසේ වෙතත් වැලිගම පොලිසිය විසින් පවසා තිබෙන්නේ මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන බවයි